Posted on 01.30.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණ දෙන විවිධ ගැටලු සම්බන්ධව පාලකයන්ට විවිධ අවස්ථාවල ඉල්ලීම් කළද ප්‍රතිඵලයක් නොමැති තත්වය තුළ විරෝධතා ක්‍රියාමාර්ගයකට යන්නට ශිෂ්‍ය ව්‍යාපාරය තීරණය කර තිබේ.
පළමු වසරට සිසුන් බඳවා ගැනීමේ දී පවත්වනු ලබන ප‍්‍රායෝගික පරීක්‍ෂණය සඳහා රුපියල් 2500 ක මුදලක් අයකිරිමද සුදුසුකම් ලැබූ ශිෂ්‍යයින්ගෙන් නැවත වටයකින් ගස්තු අය කිරීම සහ එම ගාස්තු වැඩිවීම තුළ මුහුණ දෙන අපහසුතාවයට අමතරව විශ්වවිද්‍යාලය තුළ අධ්‍යයන හා සුබසාධන ගැටළුද දිනෙන් දින උග‍්‍ර වෙමින් පවතී. ප‍්‍රායෝගික පරීක්‍ෂණ ගාස්තු සම්බන්ධයෙන් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාල පරිපාලනයට කළ ලිඛිත දැනුම්දීම් හා සාකච්ඡා පැවැත්වීම් තිබියදී එම ගැටළුවට තවමත් නිසි විසඳුම් තවමත් ලැබී නොමැත. මේ වන විට 2018/2019 කණ්ඩායම බඳවා ගැනීම සඳහා වූ ප‍්‍රායෝගික පරීක්‍ෂණ සඳහා වූ පුවත්පත් දැන්වීම ද පළකර ඇති අතර ඒ සඳහා ද ඉහත දැක් වූ අය කිරීම් නිත්‍ය වශයෙන්ම සිදු කරනු ලබයි.
මෙලෙස මෙම ගැටලූවට වහා විසඳුම් ලබා දෙන්නැයි විශ්වවිද්‍යාල පරිපාලනයට බල කරමින් ජනවාරි 31(හෙට) දින හෝර්ටන් පෙදෙසෙහි පිහිටි දෘශ්‍ය කලා පීඨයේ සිට උපකුලපති කාර්යාලය දක්වා උද්ඝෝෂණ පාගමනක් සංවිධානය කර ඇත.