Posted on 06.10.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ 2020-2021ට අදාළව සිසුන් බඳවා ගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සිසුන්ගෙන් අසාධාරණ මුදලක් අයකරන බව වාර්තා වේ. විශ්ව විද්‍යාලය මගින් නිකුත් කර ඇති යෝග්‍යතා පරීක්ෂණය පිළිබඳ උපදෙස් පත්‍රිකාවේ සඳහන් ආකාරයට online හරහා අයදුම් කළ යුතු සහ online හරහා පැවැත්වෙන මෙම පරීක්ෂණය සඳහා එක් විෂයකට රුපියල් 2000ක මුදලක් ගෙවිය යුතු වේ.
එසේම විෂයන් දෙකකින් යෝග්‍යතා පරීක්ෂණය සඳහා පෙනී සිටින ශිෂ්‍යයන් එක් විෂයකට රු 2000 බැගින් ගාස්තු දෙකක් ගෙවිය යුතු වේ. එහෙත් ශිෂ්‍යයන් සහ දෙමව්පියන් පවසමින් සිටින්නේ බොහෝ පිරිසක් ආර්ථිකමය වශයෙන් අපහසුතාවයකට මුහුණ දෙමින් සිටින මේ මොහොතේ මෙවැනි මුදලක් අයකිරීම අසාධාරණ බවයි. එසේම පරීක්ෂණය සඳහා සහභාගී කරගන්නා බාහිර පුද්ගලයන් සහ සේවා කටයුතු සඳහා යම් සුළු මුදලක් අයකළ හැකි වුවත් මෙවැනි විශාල මුදලක් ඒ සඳහා අවශ්‍ය නොවන බවද ඔවුන් පවසයි.
ඊට අමතරව විශ්ව විද්‍යාලය වසා දමා ඇති මේ කාලය තුළ ඇතැම් වියදම් අඩු වී ඇති නිසා සිසුන්ගෙන් කිසිදු මුදලක් අයකිරීමෙන් තොරව වුවද මෙම පරීක්ෂණය පැවැත්වීමේ හැකියාව පවතින බවද සිසුන් සහ දෙමව්පියන් පෙන්වා දෙයි.