Posted on 09.25.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයන් හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රායෝගික පරික්ෂණවලට ඉදිරිපත් කිරීමක් නොමැතිව විභාග ප්‍රතිඵල නිකුත් කිරීම හේතුවෙන් ඔවුන්ට විශේෂ සහනයක් ලබාදීමට අධ්‍යාපන අමාතයංශය කටයුතු කරමින් තිබේ.
කෙසේවෙතත්, එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උසස් පෙළ හැදෑරිය හැකි වන්නේ සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා ප්‍රතිඵල ලැබෙන තෙක් බවද අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසීය.
ඒ අනුව, මෙවර සෞන්දර්ය විෂයන්ට සාමාන්‍ය පෙළ සිසුන්ට විෂයන් පහක් සමඟ සම්මාන දෙකක් තිබේ නම් උසස් පෙළ හැදෑරිය හැකි බව අධ්‍යාපන ලේකම්වරයා පවසයි.