හිටපු අගමැති නවාෂ් ශෙරීෆ් ඇප මත මුදා හරී

හිටපු පකිස්ථාන අගමැතිවරයකුවූ නවාෂ් ෂෙරීෆ් ඇප මත නිදහස් කිරීමට ඉස්ලාමාබාද් මහාධීකරණ අද තීන්දු කර ඇති බව වාර්තාවේ.

පසුගිය ජුලි මස 06 වැනි දින වසර දහයකට සිරදඩුවම් නියමව සිටින නාවාෂ් ශෙරීෆ් හා ඔහුගේ දියණිය හා බෑණා වන මොහොමඩ් සඩාර්ව මෙසේ ඇප පිට නිහදහස් කරන ලෙස නියෝග කර තිබේ.

එසේ ඇප නියමවූයේ නවාෂ් ශෙරීෆ් හා ඇයගේ දියණිය හා ඇයගේ සැමියා වන සර්ඩාර් විසින් සිය සිර දඩුවමට එරෙහිව කරන ලද අභියාචනය විභාගයට ගත් අවස්ථාවේදීය.

හිටපු අගමැතිවරයාගේ නඩුවේ අභියාචනය විභාග වී අවසන් වන තෙක් ඔවුන්ව මුදා ඇර ඇති බව වාර්තාවේ. ඔවුන්ට මුදලින් පාකිස්ථාන රුපියල් ලක්ෂ 5ක ඇප මුදලක් නියම කර ඇත.

සිය අගමැති බලතල යොදාගෙන සිය දියණියට ව්‍යාපාරික වැඩ කටයුතු පවත්වා ගෙනයාමට විශේෂ අවස්ථාව ලබා දීම හා රජයේ කොන්ත්‍රත් ලබාදීමේදී අක්‍රමිකතාවල නිරතවූ බවට චෝදනා එල්ලවී තිබුනි.

මේ හේතුවෙන් හිටපු අගමැතිවරයාට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණය චෝදනා එල්ල කොට ඔහුව අගමැතිධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.

Madanayaka :