මේ වනවිට රේගුවේ ක්‍රියාත්මකවන අකුරට වැඩ ක්‍රියාමාර්ගය නිසා තමන්ට සිදුව තිබෙන පාඩුව පිළිබද ඉක්මන් විසදුම් ඉල්ලා, සැලසුම් කළ පරිදි පිටකොටුව තොග වෙළෙඳසැල් වසා දමා හෙට හර්තාල් ව්‍යාපාරය පවත්වන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳන්ගේ සංගමය පවසයි.
රේගු වෘත්තිය සමිති ආරම්භ කර ඇති අකුරට වැඩ කිරිමේ ක්‍රියාමාර්ගය අද(04) 06 වන දිනටත් ක්‍රියාත්මක වූ අතර තවත් වෘත්තිය සංගම් කිහිපයකම සහාය ප්‍රකාශ විය. රේගු නිලධාරින්ගේ සංගමය සඳහන් කළේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රේගුවේ නිශ්කාෂන කටයුතු සියයට 90කින් පමණ පහත වැටී ඇති බවයි.
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන පී.එස්.එම්. චාර්ල්ස් හදිසියේ ස්ථාන මාරුකර ඒ වෙනුවට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත්කිරීමට විරෝධය පළකරමින් රේගු වෘත්තිය සමිති සන්ධානය අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කලේ පසුගිය බදාදාය. මම තත්වය හේතුවෙන් පෑලියගොඩ ගබඩා සංකීර්ණය සහ බහාලුම් පරීක්ෂණ අංගනය මෙන්ම , ඔරුගොඩවත්ත බහාලුම් පරීක්ෂණ අංගනයෙහි ද මෙහෙයුම් අකර්මණ්‍ය වී තිබේ.
වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් රේගු නිෂ්කාශන අංශයෙන් සාමාන්‍ය භාණ්ඩ නිෂ්කාශනය කිරීම නවතා ඇති අතර මේ වන විට නිෂ්කාශනය කරනු ලබන්නේ අල, ළූණු , ඖෂධ වර්ග සහ ශීතකළ බහාලුම්වල ආහාර පමණක් බව වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වෘත්තීය සමිති පෙන්වා දෙයි. වෘත්තිය සමිති 12කින් සැදුම්ලත් සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති එකමුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ රේගු නිලධාරින් දියත් කරන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සිය පූර්ණ සහාය ලබාදෙන බවයි.
සාමාන්‍යයෙන් රේගු මෙහෙයුම්වලින් රජයට දෛනිකව රුපියල් බිලියන 3ත් 4ත් අතර ආදායමක් උත්පාදනය කර දෙන අතර මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් එම මුදලින් 80% ක පමණ ප්‍රමාණයක් දිනකට රජයට අහිමි වන බව රේගු නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙයි.