හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාකරුවන්ට සිරදඩුවම් !

හොංකොං පාලනය ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයකට යටත් කළ යුතු බවට 2014 වසරේ විරෝධතා අරගලයක නිරත වූ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරි නායකයන් 9 දෙනකු වසර 7 දක්වා සිරදඩුවම්වලට යටත් කිරීමට හොංකොං අධිකරණය තීන්දුවක් ලබා දී ඇත.

හොංකොං නගරයේ දසදහස් ගණනක් කහකුඩ විරෝධයකට කැදවූ ‘අරාබි වසන්තය‘ පන්නයේ නිශ්චිත කේන්ද්‍රිය නායකත්වයකින් තොර විරෝධතාව නිසා ජන ජීවිතය කඩාකප්පල් වූ බවද එයින් ප්‍රජාවට සිදුවූ හිරිහැරයට මෙම විරෝධතා කැදවූ නායකයන් වගකිවයුතු බවටද හොංකොං අධිකරණයේදී චෝදනා කර තිබිණි. තමන් චෝදනා සම්බන්ධයෙන් නිවැරදිකරුවන් බවට එම ක්‍රියාකාරින් 9 දෙනා එක හඩින් ප්‍රකාශ කළද වසර 5ක දීර්ඝ නඩු ක්‍රියාදාමයකින් පසුව එකී සමාජ
ක්‍රියාකාරින්ට සිරදඩුවම් නියම කර ඇත.

Chandana Sirimalwatte :