Posted on 09.16.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
හෝමාගම තාක්ෂණ නගර ව්‍යාපෘතිය විසින් සිදුකරන ඉඩම් පවරාගැනීම් හා පාරිසරික විනාශය සම්බන්ධයෙන් ජනතාව මතුකළ ප්‍රශ්න හමුවේ පිළිතුරු දෙන්නට අසමත් වූ බස්නාහිර හා මහනගර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක එම ස්ථානයෙන් පළා ගිය බව වාර්තා වේ.
ඊයේ (15) හෝමාගම දෙල්ගහලන්ද ප්‍රජා ශාලාවේ පැවති මෙම රැස්වීමේදී තාක්ෂන නගරය ව්‍යාපෘතිය සම්බන්ධ විස්තර කිරීමේදී එයින් සිදුවන ඉඩම් පවරාගැනීම් හෝ පාරිසරික විනාශය සම්බන්ධ පැහැදිලි කිරීමක් නොවීය. පැමිණ සිටි ජනතාව ඒ සම්බන්ධ ප්‍රශ්න කිහිපයක් විමසූ අවස්ථාවේ නිශ්චිත පිළිතුරක් ලබාදීමට හෝ ඇමතිවරයා සමග පැමිණි නිලධාරින් හෝ උපදේශකයන් ලවා පිළිතුරු දෙන්නට ඔහු කටයුතු නොකළ අතර ආධානග්‍රාහී ලෙස කතා කරගෙන යන්නට විය. නිශ්චිත ගැටලු ලෙස ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් වූ විටද ඇමතිවරයා එය මගහැර, විවේචකයන්ට අවලාද නගන්නට පටන් ගත් විට ජනතාව කෝපයට පත් වූහ. තමන් ජීවත්වන්නේ මේ නිවේසවල බවද ඒවා අත්පත් කරගැනීමෙන් හා මහාමාර්ග තැනීමෙන් අත්වන සංවර්ධනය කාටදැයි එක් කාන්තාවක් හැඩු කදුලින් ප්‍රශ්න කළාය. එවිට ඇමතිවරයා කීවේ ‘ඔබතුමිය කලබල වෙන්න එපා, අපි ප්‍රශ්නය විසදනවා, අපි ඔබතුමියට සහනයක් දෙනවා“ වැනි වගකීම් විරහිත කරුණුය.
ප්‍රදේශයේ සංවර්ධන කටයුතු පිළිබද විරුද්ධත්වයක් නැති නමුත් තමන් ජීවත්වන නිවාස හා වගාකරන ඉඩම් පවරාගැනීමේදී සිදුව අසාධාරණය ගැනත් පාරිසරික වශයෙන් ඇතිවන විනාශය ගැනත් ඇමතිවරයා කිසිවක් ප්‍රකාශ නොකිරීම නිසා ජනතාව හඩ නගා අදහස් පළ කරන්නට වූ අතර ඇමතිවරයා ඔවුන් පරයා මයික්‍රෆෝනය ගෙන කතා කරන්නට විය. මේ අතර එහි සිට ආරක්ෂක නිලධාරින් ඇමතිවරයා එතැනින් පිටතට කැදවාගෙන යන්නට කටයුතු කළ අවස්ථාවේ ප්‍රශ්නවලට පිළිතුරු නොදී පැන යනවා යැයි දොස් පවරමින් ප්‍රදේශවාසීහු ඇමතිවරයාට හූ කියන්නට වූහ.