தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
පැල්පත් 50,000ක් කොළඹ තිබෙනවා, බාගයක්වත් 2020දි ඉවත් කරනවා - චම්පික රණවක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පැල්පත් 50,000ක් කොළඹ තිබෙනවා, බාගයක්වත් 2020දි ඉවත් කරනවා – චම්පික රණවක



කොළඹ නගරයේ පිහිටි පැල්පත් නිවාස 50,000ක් ඉවත්කරන බව මහනගර සහ බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක පවසයි.

2020 වනවිට සිය අමාත්‍යංශය විසින් කොළඹ නගරය පිළිබද කර ඇති සැලසුම්වලට අනුව කොළඹ ලෝකයේ වෙනත් දියුණු නගරවල මට්ටමට ගෙන ඒම අරමුනු කරගෙන කටයුතු කරන බවද අවම වශයෙන් පැල්පත් නිවාසවලින් අඩක්වත් 2020 වනවිට ඉවත්කරන්නට සැලසුම් කරන බවද ඇමතිවරයා පවසා ඇත. පිටකොටුව පාවෙන වෙළදපොළේ ආහාර පාන උත්සවයකට සහභාගි වෙමිනඅ මහනගර සංවර්ධන ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ රජයේ අරමුදල් වැය කිරීමකින් තොරව නිවාස 10,000ක් පමණ ඉදිකර ජනයා වෙත ලබා දෙන බවයි.

නිවාස ලබාදීම රජයේ වගකීමක් බව පැවසූ ඇමතිවරයා සංඛ්‍යා දක්වමින් කීවේ රුපියල් බිලියන 864ක් හම්බන්තොට වරාය සදහාත් කොළඹ නුවර අධිවේගි මාර්ගයට තවත් බිලියන 277ක් වියදම් කර ඇතත් නිවාස සදහා ආයෝජන කිසිවක් මේ දක්වා සිදුකර නැති බව ය.