ඔක්තෝබර් 26 වැනිදා හදිසියේම අගමැති ධුරය භාර ගන්නා ලෙස ඇරයුම් කරනු ලැබුවේ වාසුදේව නානායක්කාර බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
අභියාචනාධිකරණයේ අතුරු තහනම් නියෝගයක් මත අගමැති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති මහින්ද රාජපක්ෂ මේ කරුණු අනාවරණය කළේ ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරිම සඳහා නීතිඥයන් හමු වූ අවස්ථාවේ දී ය.
ඔහු එහිදී පළ කළ අදහසේ සංක්ෂිප්තය මෙසේය.
“මුලින්ම ඇවිල්ලා කිව්වහම මම ඒක ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ අනෙක් පක්ෂ එක්කත් සාකච්ඡා කරලා අපි තීන්දුවකට ආවා මේ වෙලාවේ අපෙන් වෙන්න ඕන මොකක්ද, අපි ඇයි මේ ආණ්ඩුවත් එක්ක එක්කහු වෙන්න ඕන කියලා. සිරිසේන ජනාධිපතිවරයත් එක්ක එක්කහු වෙන්න ඕන ඇයි කියලා.
මේ වෙලාවෙ රට බෙදන ව්‍යයවස්ථාව ගෙනල්ලා, කෙටුම්පත ඉදිරිපත් කරලා තිබුණේ. ඒක ගෙනාවා නම් මේ රට බෙදෙනවා. ඒක වළක්වන්න අපි කටයුතු කළ යුතුයි කියන අදහස ආවා. ඊළගට මේ රටේ සම්පත් විකුණන එක. මේ රටේ දූපුතුන්ට මේවා ආරක්ෂා කර දෙන්න ඕන. මොකද මේ අය මේවා විකුණන වේගෙ එකපාරට වැඩි කළා.“
ඒ අනුව, මහින්ද රාජපක්ෂ පවසන්නේ අගමැතිකම භාරගන්නට කැමැත්තක් නැතිව වාසුදේව නානායක්කාර කී නිසා අගමැතිකම භාරගත් බවය. ඔහු කරන ප්‍රකාශයට අනුව ඔහු අගමැතිධුරය බාරගෙන ඇත්තේ 20වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම වැළැක්වීමට සහ රටේ ඉඩම් විදේශවලට විකිණීම වැළැක්වීම සඳහා ය.
මහින්ද රාජපක්ෂ විසින් හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ වැනි නිශ්ඵල ව්‍යාපෘති සදහා ඩොලර් බිලියන ගණනින් ණය ගෙන ජනතාව ණය උඝුලක සිරකර තිබිණි. එසේම ගාලු මුවදොර හමුදා රෝහල සහ හමුදා මූලස්ථානය පිහිටා තිබූණු අක්කර 20ක් වූ ලංකාවේ ඉහළම වටිනාකමක් ඇති ඉඩමක් සතියක් තුළ ෂැංග්‍රිලා සමාගමට විකුණා දැමීය. ඔහු සෝමාවතිය අභයභුමිය ආසන්නයේ පිහිටි අක්කර 5000ක්ද උල්හිටියාව ප්‍රදේශයෙන් අක්කර 1500ක් ද, ඌව පැල්වත්ත ප්‍රදේශයෙන් අක්කර 1200ක් ද ඇමරිකානු ඩෝල් සමාගමට විකිණුවේය.
එසේම ලංකාවේ අනාගත ආර්ථික සම්පතක් ලෙස හදුනාගත් මන්නාරම් ද්‍රෝණියේ පිහිටි ගෑස් නිධිය පොළොවෙන් මතුකරගන්නටත් ප්‍රථම ඉන්දියාවේ Cain සමාගමට විකුණා දැමුවේo මහින්ද රාජපක්ෂම ආණ්ඩුවයි. කල්පිටියේ දූපත් 14 ක් සංචාරක සමාගම් සදහා විකුණා දැමීමට සැලසුම් සකස් කර තිබිණි. එයින් දූපත් 2ක් ඔහු බලයෙන් පහ කරන විට විකුණා අවසන්කරණ ලදී. එපමණක් නොව, නොරොච්චෝලෙ සහ කෙළවරපිටිය විදුලිබලාගාර මෙන්ම හම්බන්තොට වරාය ඉතාමත් අවාසිසහගත ලෙස බදු දීමට දැරූ උත්සාහයක් රාජපක්ෂ ආණ්ඩුව විසින් ගෙන තිබිණි. නොරොච්චචෝල වැනි විදුලි බලාගාරයක් අවාසිදායක බව දැන දැනම පිහිටුවන්නට කටයුතු කළේ එයින් හිමිවන කොමිෂන් වාසි නිසා බවට චෝදනා එල්ල විය.