පුද්ගලයන් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අද(11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
මේ සම්බන්ධව සිය නිලධාරියකු සැක බවට කරන්නාගොඩ විසින් පැමිණිලි කර තිබුණු අතර විමර්ශන ඉදිරියට ගෙන යාමේදී නිවාක හමුදා නිලධාරින් කිහිපදෙනකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී. ඉන්පසුව ඒ පිළිබද විභාග කිරීමේදී හිටපු නාවික හමුදාපති සම්බන්ධවද චෝදනා මතුවූ අතර අධිකරණ නියෝගයකට අනුව හිටපු නාවික හමුදාපතිවරයා මෙලෙස පැමිණ තිබේ.