2018 වසරේ රුසියානු ජනාධිපතිවරණයට තමා ඉදිරිපත්වන බව රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් පවසා තිබෙන බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය 06දා නිස්නි නොව්ගොරොඩ් හි පිහිටි ගොර්කි ඔටෝමොබයිල් කාර්මාන්ත ශාලවේ සේවකයින් හමුවූ අවස්ථවේදී රුසියානු ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ. 2018 වසරේ මාර්තු මස පැවැත්වීමට නියමිතව ඇති රුසියානු ජනාධිපතිවරණයට නිසැක ලෙසම ඔහු ඉදිරිපත්වන ඇති බව මේ අනුව පෙනීයයි.
බොහෝ විට සිය අපේක්ෂකත්වය එක්සත් රුසියානු පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වනු ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට රුසියානු ජනාධිපතිවරයා ලෙස අවසථා දෙකකදී කටයුතු කර ඇති අතර අවස්ථා දෙකක් අගමැතිවරයා ලෙසද කටයුතු කර තිබේ.