தமிழ்
English
Contact
Monday 6th May 2019    
20 භයානකයි, පරාජය කළ යුතුයි - ගෝඨාභය රාජපක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

20 භයානකයි, පරාජය කළ යුතුයි – ගෝඨාභය රාජපක්ෂ



ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත භයානක එකක් බවද එය පාර්ලිමේන්තුවේ පරාජය කර දැමිය යුතු යැයිද ගෝඨාභය රාජපක්ෂ පවසයි.

සිය දේශපාලන ප්‍රතිරූපය වර්ධනය කරගැනීමේ අරමුණින් සංවිධානය කරන ‘එළිය‘ නමැති රැස්වීමක් ඊයේ(8) ගොඩකවෙලදී අමතමින් ගෝඨාභය රාජපක්ෂ මේ බව පවසා තිබේ. ජ.වි.පෙ. විසින් විධායක බලයේ යම් යම් කොටස් අගමැතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට මාරු වෙන ආකාරයට යෝජනා කළ ව්‍යවස්ථා සංශෝධන  20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුළ අන්තර්ගත වේ. එහිදී විධායක බලයේ සැලකිය යුතු කොටසක් අගමැතිවරයාටද පැවරෙන අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් සිදු නොවේ. මෙම තත්වය යටතේ ගෝඨාභය රාජපක්ෂ විසින් එයට විවේචනයක් එල්ල කරන්නේ ඉදිරි මැතිවරනවලදී මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විය හැකි බවට පළවන අදහස් නිසා විය හැකිය. පවතින ව්‍යවස්ථාව යටතේ හිටපු ජනාධිපතිවරයාට නැවත ජනාධිපතිවරණයකට තරග කළ නොහැකි අතර එක්සත් ජනපද පුරවැසිකම නිසා ගෝඨාභයටද එය කළ නොහැකිය. එහෙත් 20 වැනි සංශෝධනය යම් ආකාරයකට සම්මත වී ආණ්ඩුවේ පරාජිත ගමන හේතුවෙන් ඉදිරියේ මහින්ද පාර්ලිමේන්තු බලයක් ලබා අගමැතිකමට පත්වුවහොත් දේශපාලන අනාගතය කුමක් වනු ඇත්දැයි ගෝඨාභය ගණන් බලා ඇති බව සිතිය හැකිය.