ඇමතිකම් වැඩිකර ගැනීමට මෛත්‍රිගෙන් සහාය – එ.ජා.ප.

ඇමති මණ්ඩලය 30 වැඩි කරවා ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සහයෝගය එක්සත් ජාතික පක්ෂයට ලැබේ යැයි එම පක්ෂය තුළ අදහසක් මතුව තිබේ.

පසුගිය දිනවල ජනාධිපතිවරයා විසින් එවැනි ඇමති මණ්ඩලය වැඩි කිරීමේ අදහසකට එකග නැති බව ප්‍රකාශ විය. එ.ජා.ප. විසින් ජනාධිපති වැයශිර්ෂය පරාජය කිරිමට කටයුතු කරන බවටද තර්ජනය කළේ එම පසුබිම යටතේය. එහෙත් ජනාධිපති වැය ශීර්ෂය පරාජ නොකෙරුනු අතර එ.ජා.ප. නායකත්වය ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් කටයුතු කරන බවක් පෙනී යයි. මේ නිසා කැබිනට් ඇමතිධුර 30ට වැඩි කරගැනීමට හැකිවනු ඇති බවට පසුගිය 19 වැනිදා ආණ්ඩුවට සහාය පළ කරන පක්ෂ නියෝජිත රැස්වීමේදී අදහස් පළ විය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවල ඇමති ධූර ගණන 30 අඩු විය යුතුය. එහි ජාතික ආණ්ඩුව යනු පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රිධුර ඇති පක්ෂය වෙනත් පක්ෂයක් සමග එක්ව බලයට පෙන්වා දීමය. එහෙත් එ.ජා.ප. සමග හවුල්ව ඇති පක්ෂ නිසා ජාතික ආණ්ඩුවක් බව කියන්නට හැකිව තිබේ.

Chandana Sirimalwatte :