කන්තලේ අග්‍රෙබා්ධි විදුහලේ පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් කිරීම සදහා සුදුසුකම් නොමැති බවට තීරණය කළ දරුවන් 4 දෙනකු පාසලට ඇතුළත් කරගැනීමට ඊයේ(4) පාසල් පරිපාලනය එකග විය.
ආණ්ඩුවේ චක්‍රලේඛය හේතුවෙන් පළමුවැනි ශ්‍රේණියට කන්තලේ අග්‍රබෝධි විද්‍යාලයට ඇතුළත් වීමට පාසල ආසන්නයේ පදිංචි පවුල්වල සිසු සිසුවියන් 4 දෙනෙකුට අවස්ථාව අහිමි විය.
‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය‘ සමග දෙමාපියන්, ගම්වාසීන් එකී අසාධාරණයට එරෙහිව දින 76ක් තිස්සේ පාසල ඉදිරිපිට සත්‍යග්‍රයක නිරතවූහ. ඊට සහාය දෙමින් ප්‍රදේශයේ ජනතා බලවේග අඛණ්ඩ අරගලයක් සිදු කළ අතර එහි ප්‍රතිඵලය ලෙස විදුහල්පතිවරයා එම දරුවන් සිවුදෙනා පාසලට ඇතුළත්කරගැනීමට නම්‍යශීලී විය.
යුක්තිය වෙනුවෙන් සටන් කරන්නේ නම් කිසිදු රාජ්‍ය නියෝගයකට, චක්‍රලේඛයක් නොසලකා ජය ගත හැකී යන විශ්වාසය තහවුරු කරමින් සිසුන් සිවිදෙනා කොන්දේසි විරහිතව අග්‍රබොධි විද්‍යාලයට බදවා ගැනීමට පාසල් පරිපාලනය තීරණය කරන ලදී.