කාබුල් නුවර කාර් බෝම්බ පිපිරීමකින් පුද්ගලයෝ 30ක් මියෙගාස් තවත් 42 දෙදෙනකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ උදැසන මගීන් ගෙනයන බස් රථයක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ලකොට ඇත. මෙම බස් රථයේ ගමන් කරමින් සිටි ඇත්තේ ඇෆ්ගනිස්ථාන පතල් කාර්යාංශයට අයත් සේවකයින් පිරිසක් බව රජයේ නිල වාර්තා පෙන්වා දේ.
නමුත් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති තලේබාන් සංවිධානය පවසන්නේ එම බස්රථයේ සිටියේ රජයේ බුද්ධි අංශ සාමාජිකයින් බවත් තමන් ඒ පිලිබදව කලක සිට විමසිල්ලලෙන් සිට මෙම ප්‍රහාරය දියත් කළ බවයි.