අන්තෝනි පල්ලියට බෝම්බ ගෙනා වාහනයක් පුපුරා යයි – !

මීට සුලු වෙලාවකට පෙර කොටහේන, ශාන්ත අන්තෝනි පල්ලිය අසළ වාහනයක් පරික්ෂා කිරීමේදී යම් පිපිරුමක් සිදුව තිබේ.
ආරක්ෂක අංශවලට ලැබුණු තොරතුරු අනුව ප්‍රෙද්ශයේ ජනයා ඉවත්කර කළ පරික්ෂාව අතර මෙම පිපිරුම සිදුව ඇති බව වාර්තා වේ. අද දහවල් 4.10පමණ  මෙය සිදු වී ඇති අතර මෙම වාහනය ඊයේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට බෝම්බ ගෙනා සැකකරු විසින් දමා යන්නට ඇතැයි සැක කෙරෙන බව පොලීසිය සඳහන් කරයි.

මේ අතර කොළඹ බැස්ටියන් මාවතේ තිබී ඩෙටනේටර් 87ක් සොයාගෙන ඇත. එසේම කොටුව දුම්රිය ස්ථානයේ සැකකටයුතු පාර්මලයක් ආරක්ෂක අංශවග අවධානයට ලක්ව ඇත.

Chandana Sirimalwatte :