ක්‍රීඩා ක්ෂේත්‍රයේ ගැටලුවලට ක්‍රීඩකයන්ට හූ කීමෙන් පලක් නොවන බවද ක්‍රීඩා පරිපාලකයන් ඊට වගකිවයුතු බවද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග පවසයි.
ඊයේ (22)පාර්ලිමේන්තුවේදී අැමතිවරයා මෙම අදහස පළ කර තිබුණේ ක්‍රිකට් ක්‍රීඩා තරග ඒක දිගට පරාජය වීමෙන් පසුව බොහෝ ෙදනා ක්‍රිකට් ක්‍රීඩකයන්ට හා කණ්ඩායමේ කළමනාකරුට දොස් පැවරීම විවේචනය කරමිනි.
අර්ජුන රණතුංග අැමතිවරයා ඒම අවස්ථාවේ මෙසේද පවසා තිබේ.
“ක්‍රීඩා අමාත්‍යාංශය යනු රටේ ක්‍රීඩාව පරිපාලනය කරන ආයතනයයි. ක්‍රීඩා පනත සශෝධනය කිරීම රටේ අවශ්‍යතාවය මත සිදුවිය යුතු දෙයක්. එය පුද්ගලයන්ගේ වුවමනාවට සිදුනොවිය යුතුයි. ඒ වගේම පිටරටක ක්‍රීඩා ආයතනයකට අවශ්‍ය ආකාරයට එය සිදුකරන්න හොඳ නැහැ.
තිබෙන නීති ක්‍රියාත්මක කිරීමත් වැදගත්. ක්‍රිකට් ක්‍රීඩකයෝ තරග සංචාරවලට යෑවීමට පෙර එෆ්සීඅයිඩී ගෙන ගියා. නුසුදුසු පුද්ගලයන් ක්‍රිකට්‌වල ලොකු පුටුවලට ඇවිල්ලා තිබෙනවා.
ක්‍රිකට් පරාද වෙන කොට පුහුණුකරු සහ නායකයා එළවා දැම්මා. ඒත් පරිපාලනයේ දොසක් කියන්නේ නැහැ. වැරදිකරු අදහස් වෙනවා. පරිපාලනය ක්‍රීඩකයන්ගේ මානසික මට්‌ටම වට්‌ටලා තිබෙනවා. සූදුකාරයෝ රටේ ක්‍රිකට් විනාශ කරලා තිබෙනවා.
ප්‍රේක්‍ෂකයන් “හූ” කියන්න ඕනෑ ක්‍රීඩකයන්ට නොවේ, මේ පරිපාලනයටයි. අසංක ගුරුසිංහ ක්‍රිකට් කළමනාකරුට අද සියලු දොස් පටවන්න හදනවා. ඒවා වැරදියි. සූදුකාරයන් ක්‍රිකට්‌වලට අත තියන කොට රටේ ක්‍රීඩාවට මේ තත්වය අත්වෙයි කියලා අපි හැමදාමත් කිව්වා.”