தமிழ்
English
Contact
Friday 3rd May 2019    
'මං කෙලින් මිනිහෙක්' නාට්‍ය ප‍්‍රදර්ශන බලපත‍්‍ර නැවත කැදවයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘මං කෙලින් මිනිහෙක්’ නාට්‍ය ප‍්‍රදර්ශන බලපත‍්‍ර නැවත කැදවයි!



අසංක සායක්කාර අධ්‍යක්ෂණය කළ ‘මං කෙලින් මිනිහෙක්’ වේදිකා නාට්‍යයට ලබාදුන් ප‍්‍රදර්ශන බලපත‍්‍ර නැවත කැදවමින් එය පේ‍්‍රක්ෂාගාරයේ ප්‍රදර්ශනය කිරීම අත්හිටුවීමට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය කටයුතු කර ඇත.
‘වැඩිහිටියන්ට පමණයි’ ප‍්‍රමිතිය යටතේ ප‍්‍රදර්ශනය කළ මෙම නාට්‍ය සම්බන්ධයෙන් කෙරුණු පැමිණිල්ලක් මත ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.
මේ තත්වය නිසා අගෝස්තු 18 බොරැල්ල පුංචි තියටර්හිදී හා 19 දෙහිවල එස්. ද එස්. ජයසිංහ ශාලාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව පැවැති දර්ශන වාර අවලංගු කිරීමට සිදුව ඇතැයි නාට්‍ය අධ්‍යක්ෂ අසංක සායක්කාර පවසයි.