දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී මගී බස් රථයක පිපිරීමක් ! (Photo)

අද දින උදයේ දියතලාව සිට හෙබරව බලා යමින් තිබුණු බස් රථයක පිපිරීමක් සමග ඇති වූ ගින්නක් නිසා බසය දැවී ෙගාස් ඒහි සිටි මගීන් 19ක් පමණ ප්‍රතිකාර පිණිස රෝහල්ගත කර ඇත.
බස් රථය තුළ වූ කිසිවක් පුපුරා යාම නිසා මෙය කිසිවකු විසින් රහසිගතව ගෙන ආ බෝම්බයක් පුපුරා යාමක් ලෙසද සැක කරනු ලබයි. යාපනයේ සිට බණ්ඩාරවෙලට පැමිණි  බස්රථයක මගීන්ගෙන් කොටසක් පිපුරුමට ලක්වූ පිපිරීමට ලක් වූ බසයට නැගී ගමන් ගන්නා අතර ඒම බසය දියතලාව දක්වා ධාවනය කරද්දී කහගොල්ල ප්‍රදේශයේදී පිපුරුම් හඬක් සමග ගින්න හටගෙන ඇත. රියදුරු අසුනට අාසන්න අසුනක සිටි මගියෙකුගේ ගමන් මල්ලක තීබූ අත් බෝම්බයක් මෙසේ පුපුරා යන්නට ඇතැයි  සැක කරනු ලබන අතර මගීන්ගේ පාද වලට හානි සිදුවීමත් රියදුරු අසුට පිටුපසින් සථානයක බසයේ බඳ සිදුරු වීමත් නිසා මේ සැකය හට ගෙන ඇත.

Chandana Sirimalwatte :