මරණ දණ්ඩනය නියමවූවන් මරා දැමීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ගත් තීරණයට පක්ෂපාත බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් ප`කාශ කරයි.
සිරදඩුවම් විදින අතර අපරාධ මෙහෙයවනවා නම් එවැනි පුද්ගලයන් මෙනුම ඔවුන්ට සහාය දෙන නිලධාරින්ද දඩුවම් ලැබිය යුතු බව අගරදගුරුතුමන් පවසා ඇත. මරණ දණ්ඩනය සම්බන්ධයෙන් ඊයෙ(12) අගරදගුරු නිවසේ පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී මැල්කම් රංජිත් පියනම මේ අදහස් පළ කලේය. කෙසේවෙතත් අපරාධකරුවන් අතර මරන දණ්ඩනයට නියමවූවන් සම්බන්ධයෙන් ලෝකය පුරා පිලිගත් මතය වන්නේ ඔවුන් ආගමික නායකයන්ගේ කරුණාවට ලක් විය යුතු පිරිසක් වශයෙනි. අපරාධකරුවන් බිහිවන්නේ ඔවුන්ගේම සහජ දෝෂයක් නිසා නොව, ඔවුන්ට දී ඇති ජිවන තත්වයන් හේතුවෙන් බව සමාජ විද්‍යාඥයන්ගේ අදහසයි. මේ වනවිට මහනායක හිමිවරුන්ද අගරදගුරු පියනමද එක්ව මරණ දඩුවම සාධාරනිකකරණය කරන තත්වයක් දක්නට ඇත. අපරාධකරුවන් බිහිකරන සමාජ ක‍්‍රමය පවත්වාගෙන යන්නට පක්ෂ දේශපාලන පැළැන්තියට ආශිර්වාද කරන අතර එකි සමාජයේ පීඩාවට පත් පහළ පන්තියෙන් පැන නගින අපරාධකරුවන් සිය බලය හා ධනය පිළිබද ඉලක්ක සදහා පාවිච්චි කරන්නේද දේශපාලකයන් හා ධනවත් ව්‍යාපාරිකයන් බව රහසක් නොවේ. එවැනි තත්වයකදී පීඩාවට පත් ජනතාව අතරින් අපරාදකරුවන් රෝපණය කරන දේශපාලන ක`ියාදාමය එසේම පවතිද්දී මරණ දන්ඩනය පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා සූදානම් බැවින් සියලු ඉහළ පෙලේ පූජක පක්ෂයද එය අනුමත කිරීම අපූරු තත්වයකි.