ධීවරයන්ගේ විරෝධතාවකට සහභාගි වීමේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිවන අයිතියක් අහිමි කිරීමට පොලිසියට බලයක් හිමි නොවන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පොලිසියට පෙන්වා දී ඇත.
ජුනි 20 දින මට්ටක්කුලිය, මෝදර, ලුණුපොකුණ ගම්මානයේ පැවැත්වූ ධීවර උද්ඝෝෂණයට සහභාගි වීම සම්බන්ධයෙන් පොලීසිය විසින් පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩට එරෙහිව පනවා තිබූ නඩුව අද(17) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී සංචරණ සීමා කඩ කිරීම ගැන පොලාසිය විසින් ඔහුට චොද්නා නගන ලදී.
මේ අවස්ථාවේ පුබුදු ජයගොඩ වෙනුවෙන් ඉදිරිපත් වූ නීතීඥයන් උද්ඝෝෂණය කිරීමේ අයිතිය හා අදහස් ප්‍රකාශනයේ අයිතිය ගැන තර්ක මතුකර තිබිණි. අන් කිසිදු කරුණකට අදාල නොවන, දේශපාලනයට පමණක් අදාල වන සංචරණ සීමා නීති ගැන නීතීඥයන් විසින් පොලිසියෙන් ප්‍රශ්න නගන ලදී. එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගැනීම නිසා ජීවනෝපාය අහිමිවූ ධීවරයන්ට සිය ප්‍රශ්නය සාමකාමී ලෙස සමාජයට ඉදිරිපත් කිරීමේ අයිතිය නිරෝධායන නීති වලින් අහිමි කළ නොහැකි බව නීතීඥයන් විසින් අධිකරණය හමුවේ කරුණු දක්වන ලදී.
එදින ඇඳිරි නීතිය පැනවූ දිනයක්ද, ලුණුපොකුණ ගමට පිටස්තර කිසිවෙකුට ඇතුළු වීම තහනම් කළ දිනයක්ද යන්න එහිදී මහෙස්ත්‍රාත්වරිය පොලීසියෙන් විමසුවාය. එහිදී එදින ඇඳිරි නීතිය පනවා නොතිබුණු බවත්, සංචාරක වෙළෙන්ඳන් ආදීන්ට ගමට ඇතුළු වීමේ තහනමක් නොතිබුණු බවත් පොලීසිය පිලි ගෙන තිබිණි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අයිතීන් අත්හිටුවිය නොහැකි බව අවධාරනය කරමින් මහෙස්ත්‍රාත්විරිය විසින් මෙම නඩුව දෙසැම්බර් 14 දින දක්වා කල් තැබුණි.