මාධ්‍යවේදි දයා නෙත්තසිංහ විසින් රචිත කාව්‍ය කෘති දෙකක් ‘මුහුණුවර’ හා ‘කෙටුංපත’ නමින් ජනගත කිරීම අගෝස්තු 7 වැනිදා සවස 3.00ට මාතර ‘ස්කයි ලයිට්’ සිනමා ශාලාවේදී පැවැත්වේ.
මේ අවස්ථාවේ අදහස් දැක්වීමෙන් දායක වන්නේ ප්‍රවීණ ලේඛක චූලානන්ද සමරනායක, මාධ්‍යවේදී විමල් කැටිපේආරච්චි සහ පලාත්සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න විසිනි. සභාව මෙහෙයවීම සිදුවන්නේ සදුන් ප්‍රියන්කර විතානගේ කවියා විසිනි.
කලක් වාම ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ දයා, පුවත්පත් කලාවේ අතපොත් තබන්නේ ‘ලංකා’ ඉරිදා සංග්‍රහය පුවත්පතෙනි. විශේෂාංග ලේඛකයකු ලෙස දීර්ඝ අත්දැකීම් ඇති ඔහු මහින්ද රාජපක්ෂ පාලනය සමයේ ගවේශනාත්මක වාර්තාකරණයකට සහභාගි වීමේදී අත්අඩංගුවට ගෙන සතියක් ත්‍රස්ත විමර්ශන ඒකකයේ සිරගත කළ ලංකා මාධ්‍යවේදින් තිදෙනාගෙන් එක් අයෙකි. පසුව රන්දිව, සත්හඩ පුවත්පත්වල සේවය කළ දයා නෙත්තසිංහ මේ වනවිට රාවය පුවත්පතේ නිදහස් ලේඛකයකු ලෙස සේවය කරයි.