தமிழ்
English
Contact
Friday 16th November 2018    
පැතුම් මධුෂාන්ගේ මරණය අසා පැස්බරු හිස සගවාගනිති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පැතුම් මධුෂාන්ගේ මරණය අසා පැස්බරු හිස සගවාගනිති!



කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සිට කැලනිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා හා ප්‍රාසාංගික කලා අධ්‍යයනාංශයේ අධ්‍යයන කටයුතු සදහා පැමිණි පැතුම් මධුෂාන් සුබසිංහ තුන්වන වසර අධ්‍යයන කටයුතු කළ අයෙකි. ඔහු අැතුළු එම අධ්‍යයන අංශයේ සිසු සිසුවියන් සිය අධ්‍යයන කටයුතු සදහා ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට අවශ්‍ය  අරමුදල් සපයාගැනීමේ අරමුණ අැතිව අැඹරැල්ලා අච්චාරු අලෙවි කිරීමට කල්පනා කර තිබේ. ඔහු ජූනි 18 වැනිදා කාන්තා නේවාසිකාගාරය අසළ අැති අැඹරැල්ලා ගසකට ගොඩවෙද්දී ඔහු අත වූ කම්බි කොක්ක අසළ වූ විදුලි රැහැණක ගෑවීමෙන් ශිෂ්‍යයා විදුලි සැර වැදී අැද වැටී මරණයට පත් විය.

මෙම සිදුවීම සරසවි ශිෂ්‍යයකුගේ නොසැළකිලිමත්කම ලෙස අැතැමුන් හදුන්වන අතර අැඹරැල්ලා විකුණනවාට වඩා වෙනස් අාදායම් ක්‍රම ගැන උපදෙස් දෙන්නටද අැති තරම් කේවට්ටයෝ සිටිති.  කැලණියේ පමණක් නොව වෙනත් විශ්ව විද්‍යාලවලද අධ්‍යයන අංශ මුදල් සේවීම සදහා විවිධ අාකාරයෙන් ශිෂ්‍ය ප්‍රජාව යොමුකර තිබේ. ඒවා සරසවි ශිෂ්‍යයාට අත්දැකිම් ඒකතුකරන බහිර ක්‍රියාකාරකම් ලෙස වර්ග කර හුවා දක්වනු ලැබේ. ඒහෙත් විශ්වවිද්‍යාල අධ්‍යයනාංශවල ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට අවශ්‍ය ද්‍රව්‍ය හා පහසුකම් රජයෙන් ලබා දුන් යුගයක් තිබිණි. 2000 දසකය අාරම්භයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලනයේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඒ්වා කප්පාදු කරන ලදී. ශිෂ්‍ය ප්‍රජාවගේ විරෝධය මැද විහ්වවිද්‍යාල අාචාර්යවරු බහුතරයකගේ අාශිර්වාදය මැද ඒ්වා ක්‍රියාත්මක වන්නට විය. විශේෂයෙන් වෙෙද්‍ය හා ඉංජිනේරු උපාධියට අවශ්‍ය ප්‍රායෝගික අංශය සදහා යම් සැලකිය යුතු දුරක් දක්වාම විශ්ව විද්‍යාලයේ පහසුකම් සපයනු ලබන අතර කලා අංශයේ ශිෂ්‍යයන්ට ඒ් සදහා විවිධ ව්‍යාපෘති කරමින් මුදල් හම්බ කරන්නට සිදුව අැත.

කැලණිය විශ්ව විද්‍යාලයේ සෑම විෂයක් සදහාම සංගමයක් පිහිටුවා අැති අතර ඒ් විෂයන් අධ්‍යයනය කරන සෑම ශිෂ්‍යයකුටම මියගිය පැතුම්ට මෙන් මුදල් හම්බ කරන්නට සිදුව තිබේ. ලලිත කලා හා ප්‍රාසාංගික කලා අංශයේ තත්වය සලකා බලනවිට ඒක් ශිෂ්‍ය කණ්ඩායමක් රු35000-50000 ක් දක්වා වූ මුදලක් සොයා දිය යුතුය. ඒහිදී අැතැම්විට විවිධ වානිජ සමාගම් හෝ වෙනත් අායතනවලින් අනුග්‍රාහක දැන්වීම් ලබාගැනීම පමණක් නොව මගී බස් රථවල මුදල් එකතු කිරීම, දුම්රියවල ගී ගායනා කිරීමද අැතැම් ශිෂ්‍ය කණ්ඩායම් කරති. පැතුම් ශිෂ්‍යයාගේ කණ්ඩායම කල්පනා කළේ ඇඹරැල්ලා කඩා අච්චාරු දමා විකිණිමටය. ඒ සදහා විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරය අසල ඇඹරැල්ලා ගෙඩි සහිත ගසක් ද ඔවුන් තෝරාගෙන තිබිණි. පැතුම් ඒම අැඹරැල්ලා ගසට නැග අැත්තේ පුරුදු ගස් නගින්නකු ලෙස නොව තම දෙමාපියන් ගෙන් මුදල් ඉල්ලා සිටිය නොහැකි අසරණයකු ලෙසය. කම්බි කොක්කක් රැගෙන ගසට නැගගත් පැතුම් සිය අධ්‍යයන කටයුතුවපට අවශ්‍ය මුදල් සපයාගන්නට අැඹරැල්ලා ගෙඩි කඩන්නට උත්සාහ කළේය. ඔහු අධ්‍යයන අංශය විසින් ප්‍රායෝගික කටයුතුවලට වැයකිරීම පිණිස ඉල්ලා සිටින මුදල ලබාදී ඒම බරින් නිදහස් වීමට සිතන්නට ඇත. එහෙත් අවාසනාවන්ත ලෙස ඔහු රැගෙන ගිය කම්බි කොක්ක විදුලි කම්බියේ පැටලුණි.

දැන් මේ සිදුවීම හුදෙක් සරසවි ශිෂ්‍යයකුගේ නොසැලකිලිමත්කම යටතේ විග්‍රහ කරමින් සමාජයට සිය පැස්බර හිස කාලයේ වැලිතලාවට යටකරන්නට හැකිය. සියල්ල මුදලට හා බලයට යටකරමින් හමා යන කුණාටුව අවසන් වූ පසුව, අවට සියල්ල විනාශ වී ගිය පසුව හිස ඔසවා සැනසෙන්නට පුලුවන්ද?