බණ්ඩාරගම කිදෙල්පිටිය ප්‍රදේශයෙදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධෙයන් ප්‍රවීන රංගන ශිල්පිනී දීපානි සිල්වා අත්අඩංගුවට ගෙන අැත.
අැය විසින් පැදවු මෝටර් රිය ත්‍රිරෝද රථයක් ගැටීමෙන් එහි ගමන් කළ කුඩා දැරියක් තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළු කර අැති අතර අනතුරට පත් දැරියගේ පාර්ශ්වයෙන් කළ පැමිණිල්ලකට අනුව රිය අනතුර සම්බන්ධයෙන් දීපානි සිල්වා රංග ශිල්පිනිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අනතුර සිදු වන අවස්ථාවේදී ත්‍රිරෝද රියෙහි සිටි දැරිය රිය ගැටීමේ ප්‍රතිඵලයක් ලෙස ඉවතට විසි වී ගොස් මාර්ගයේ වැටී ඇත.