Posted on 03.15.2019 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ කිරිපිටි සඳහා වූ මිල සූත්‍රය අනුව ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද(15) දින මෙම මිල ඉහළ නැංවීම සඳහා පාරිභෝගික අධිකාරිය විසින් අනුමැතිය ලබා දී තිබුණි.
අදාළ තීරණයත් සමඟ ආනයනික කිරි පිටි කිලෝග්‍රෑමයක මිල රු:860 සිට රු: 920 දක්වා රු:60කින් ඉහළ යන අතර 400g කිරිපිටි පැකට්ටුවක මිල රු: 345 සිට රු: 370ක් දක්වා රු: 25කින් ඉහළ යනු ඇත. කිරිපිටි මිල ඉහළ දැමිය යුතු බවට ආනයනකරුවන් විසින් ආණ්ඩුවට දැඩි බලපෑමක් කරන ලද අතර පසුගිය කාලයේ වෙළදපොළ තුළ ආනයනික කිරි පිටි හිගයක් ඇතිකරන ලද්දේද ඒම අරමුණින් බව අනාවරණය ෙවේ
මෙම මිල සූත්‍රය මාස 3කට වරක් සලකා බලමින් මිල නියම කිරීමට නියමිතය. රුපියල ක්‍රමයෙන් අවප්‍රමාණවීම හා වෙනත් ජාත්‍යන්තර වෙළදාමේ හේතු මත මාස 3ක කාලයකදී කිරිපිටි ආනයනවල මිල ඉහළ දැමීමක් මිස පහළ දැමීමක් අපේක්ෂා කළ නොහැකි බව වෙළදපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මිල සූත්‍ර හඳුන්වා දෙමින් මහා පරිමාණ බහුජාතික සමාගම් සුරක්ෂිත කිරීමට ආණ්ඩුව යුහුසුළුව මැදිහත් වෙමින් තිබෙන තත්වයක දරාගත නොහැකි ජීවන වියදමට අලුතින් බර එක් කිරීම හැරෙන්නට, වැඩ කරන පන්තියේ ජනතාව වෙනුවෙන් කිසිඳු සහනදායී මැදිහත්වීමක් කිරීමට ආණ්ඩුවට කිසිඳු වුවමනාවක් නොමැති බව අදාළ ක්‍රියාමාර්ග තුළින් තවදුරටත් පැහැදිළි වේ.