Posted on 10.21.2018 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
කඩිනමින් ජල ගාස්තු ඉහළ නැංවීමට පියවර ගන්නා බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
2012 වසරෙන් පසු ජල ගාස්තු සංශෝධනයක් සිදු කර නොමැති බවත් මේ වන විට ජල ඒකකයක් පිරිපහදු කිරීම සඳහා රු 47ක මුදලක් වැයවනමුත් පාරිභෝගිකයින්ගෙන් රු 12ක ගාස්තුවක් පමණක් අය කරන බවත් මේ හේතුවෙන් ගාස්තු ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බවත් සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් කරුණු දක්වා ඇත.
කෙසේ වෙතත් පළමු ජල ඒකක 05 සඳහා පමණක් රු12ක මුදලකට ලබා දෙන අතර වැඩිවෙන එකක ප්‍රමාණය මත අදාළ ගාස්තුව ඉහළ යනු ඇත. එමෙන්ම සේවා ගාස්තුවක් ඇතුළු අනෙකුත් බදුද ජල බිල්පතට එක් වේ. වසර ගණනකින් ගාස්තු වැඩි නොකළ බව පෙන්වමින් ගාස්තු ඉහළ නැංවීමට මහත් උනන්දුවෙන් කටයුතු කරන ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ ආදයම සම්බන්ධයෙන් කිසිඳු එක් කිරීමක් ලබා දීමට මැදිහත් නොවන බව පැහැදිලිය.
සියළුම භාණ්ඩ හා සේවා මිල සීග්‍රයෙන් ඉහල යමින් තිබෙන තත්වයක ආණ්ඩුව මෙලෙස අත්‍යාවශ්‍ය සේවාවන්හිද ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරමින් නැවත වටයකින් ජනතාව පීඩාවට පත්කරමින් සිටින අතර අවසානයේ සමස්ථ ආර්ථික අර්බුධයේහිම බර ජනතාව මත පටවා ආණ්ඩුවේ ගැලවීම පමණක් තහවුරු කරගනිමින් ඇත.