Posted on 06.23.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
හලාවත සවරාන මුස්ලිම් විදුහලේ සිසුන් විසින් පහරදීමෙන් රෝහල්ගත කළ ප්‍රධාන ශිෂ්‍ය නායකයා කොළඹ ජාතික රෝහලට අැතුළත්ව ප්‍රතිකාර ලබද්ී අද (23) උදෑසන මිය ගියේය.
මොහොමඩ් රිස්වි මොහොමඩ් ෆයිසුල් නමැති එම සිසුවකු වන ඉගෙනීමට ඉතා දක්ෂ බවත් පසුගිය දිනක එම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස තේරී පතු වූ බව මව්පියෝ පවසති. අාගමික කටයුත්තකට සහභාගී වී නිවස බලා යමින් සිටියදී ඔහු ප්‍රහාරයට ලක් කළ සිසුවෝ ඒසේ පහරදීම ගැන පැමිනිලි නෙකරන ලෙස ද තර්ජනය කර තිබිණි. ඒසේ දරුණු ලෙස පහර කෑමෙන් පසු නිවසේදී හදිසියේ රෝගාතුර වූ එම සිසුවා හලාවත රෝහලට අැතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර ඇත. ඊයේ රාත්‍රි ශල්‍යකර්මයක්ද සිදුකර අැති අතර අද දින අලුයම ඔහු මිය ගිය බව නිවේදනය කෙරිණි.
මෙම සාහසික පහරදීම සම්බන්ධයෙන් හලාවත සවරාන මුස්ලිම් විදුහලේ පාසලේ සිසුන් සිවු දෙනකු අත්අඩංගුවට පත් අතර එක් සිසුවකු රිමාන්ඩ් ගත කළ අතර අනෙක් සිසුන් තිදෙනා ඇප මත මුදා හැරණි.