Posted on 09.11.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
බෝ නොවන රෝග පාලනය කිරීමේ මුවාවෙන් තවත් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සහ තවත් භාණ්ඩ කිහිපයකටම අලුතින් බද්දක් පැනවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම බදු පැනවීම පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසා සිටියේ බෝ නොවන රෝග පාලනය කිරීම සඳහා භාණ්ඩ කිහිපයකම පරිභෝජනය සීමා කිරීම සඳහා මෙලෙස බදු පැනවීම සිදු කිරීමට තමන් කටයුතු කිරීමට සුදානම් බවය.
ඒ අනුව මූලික වශයෙන් මේ වන විටත් විවිද බදු වර්ග වලින් සන්නද්ධව වෙළඳපොළට පැමිණෙන සීනි, ලුණු, තෙල් සහ පැණි බීම සඳහා මෙම රෝග පාලන බද්ද අයකිරීමට නියමිතව ඇත. මින් පෙර අවස්තා කිහිපයකදී ආනයනික සීනි සඳහා වන බද්ද ඉහළ දමා තිබු අතර එහිදී ආණ්ඩුව ප්‍රකාශ කර තිබුනේ එය තොග වෙළෙන්දන්ගෙන් අය කර ගැනීමට නියමිත බවත් එය කිසිසේත් පාරිභෝගිකයාට බලපාන ලෙස සිල්ලර මිල ඉහළ දැමීමට තොග වෙළෙඳුන්ට ඉඩ නොදෙන බවත්ය. එහෙත් එම බදු වැඩි වීමට අනුව සීනි සිල්ලර වෙළඳපොල මිල ඉහළ ගොස් තිබූ අතර ආණ්ඩුව නැවත වටයකින් වෙනත් මුහුණුවරකින් බදු වැඩි කිරීමට සුදානම් වෙමින් ඇත.
කෙසේ වෙතත් ආණ්ඩුව ගැටළු වලට ස්ථිරසාර විසඳුම් සොයනවා වෙනුවට එම ගැටළු ආදායම් මාර්ග බවට පත් කරමින් වැඩකරන පන්තියේ ජනතාව මත විවිද අයුරින් බර පටවමින් සිටීන බව මේ හරහා වැඩි දුරටත් තහවුරු වේ.
වරින් වර කරළියට පැමිණෙන මෙවැනි ප්‍රතිසංස්කරණ යෝජනා හුදෙක්ම ආණ්ඩුවේ ආර්ථික අර්බුදයෙන් මිදීම උදෙසා ආදායම් තරකරලීම වෙනුවෙන් මිසක වෙනයම් වූ පුළුල් මහජන සුවදායි කටයුත්තක් සඳහා සිදු කරනු ලබන්නක් නොවන බව නොරහසකි.