2015 වසරේ ටෙහෙරාන් න්‍යෂ්ටික ගිවිසුම් එකගතාවය උල්ලංඝණය කරමින් න්‍යෂ්ඨික බෝම්බ තනමින් සිටින බවට ඊයේ දින ඊශ්‍රාෙයල් අගමැති බෙන්ජමින් නෙතනියාහු ඉරානයට චෝදනා කර තිබේ. බෙන්ජමින් නෙතනියාහුගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉරානය සිය විරෝධය පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ටෙහෙරාන් න්‍යෂ්ටික ගිවිසම ඉරානය සමග ලොව ප්‍රබල රටවල් වන එක්සත් ජනපදය, චීනය, රුසියාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජර්මනිය ඇතුලත්ව 2015 වසරේ අත්සන් කරන ලදී. රහසිගතව ඉරානය විසින් න්‍යෂ්ඨික වැඩසටහනක් දියක් කර ඇති බවත් ඒ සදහා ඉරානය විසින්ම සකස්කරන ලද වාර්තාමය වැඩසටහනක් තම රටේ බුද්ධි අංශ වෙක ලැබී ඇති බව පවසමින් ඊයේ බෙන්ජමින් නෙතනියාහු විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලද වාර්තාමය වැඩසටහන සම්පූර්ණ බොරුවක් බව ඉරානය පවසා තිබේ.
බෙන්ජමින් නෙතනියාහු හට සිය නොහැකියාව වසා ගැනීම සදහා ලොව පුරා බොරු පතුරුවන බවට චෝදනා කරමින් මෙසේ පවසා ඇත්තේ ඉරාන විදෙස් ඇමැතිවරයාය. සිය න්‍යෂ්ටික කටයුතු ජාත්‍යන්තර සම්මුතීන්ට අනුවත් තම රට ගිවිසගත් ගිවිසුම්වලට එකගව සිය රටේ සිවිල් න්‍යෂ්ඨික කටයුතු සදහා පමණක් භාවිතාවට ගැනීමේ අරමුණෙන් ඉදිරියටත් කටුතු කරන බව ඉරානය අවධාරනය කරයි.