Posted on 06.18.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඊයේ (18) රාත්‍රියේ යාපනය,මල්ලාකම් ප්‍රදේශයේ සිදුවු පොලිස් වෙඩි තැබීමකීන් තරුනයකු මියයාමෙන් පසු අාරක්ෂක භටයන් රදවන්නට කටයුතු කර අැත.
සිදුවීම සම්බන්ධව ප්‍රදේශවාසීන් පවසන්නේ කෝවිල් උත්සවය ආරම්භවීමෙන් අනතුරුව යාපනය චුන්නාකම් ප්‍රදේශයේ හා යාපනය මල්ලාකම් ප්‍රදේශයේ තරුණයින් කණ්ඩායම් දෙකක් අතර අාරවුල් තත්වයක් නිසා පොලිසිය මැදිහත්වීමෙන් පසුව පොලිසියටද අායුදවලින් පහරදීමට පැමිණි විට වෙඩි තැබූ බවයි. ඒම වෙඩි පහරකින් මල්ලාකම් ප්‍රදේශයේ පදිංචි පාක්‍යමරාසා සුදර්ශන් නමැති 31 හැවිරිදි තරුණයෙකු මරණයට පත් වී තිබේ. ඉන්පසුව මල්ලාකම් ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය කැදවා තිබේ.
යාපනය ප්‍රදේශයේ අවස්ථා කිහිපයකදී වෙඩි තැබීම් නිසා තරුණයන් මිය ගිය අතර චුන්නාකම් වීදියේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් සරසවි සිසුන් දෙදෙනෙකුද ජිවිතක්ෂයට පත්වූහ. මෙවැනි වෙඩිතැබීම් නිසා යාපනය ජනතාව අතර මහත් භීතියක් හටගෙන අැත.
ඊයේ රාත්‍රි වෙඩි වැදීමෙන් මියගිය තරුණයාගේ මළ සිරුර යාපනය තෙලිප්පලෙයි රෝහලේ තැන්පත් කොට ඇත. මෙම සිදුවිමෙන් පසුව ඒම මරණයට අදාළ තත්වය පිළිබද වැඩිදුර පරීක්ෂණ භාර දී අැත්තේද තෙලිප්පලෙයි පොලිසිය හා චුන්නාකම් පොලිසිය වෙතය..