සරසවිවලින් පිටවන සැම දෙනාටම රජයෙන් රැකියා දියයුතු බවට අදහසක් තිබෙන නිසා එය වෙනස් කළ යුතු බව ඉඩම් ඇමති නවීන් දිසානායක කියයි. ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේදී පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. එසේම කටපාඩම් අධ්‍යාපන ක්‍රමය වෙනුවට අලුත් යමක් සිතීමට හැකි පිරිසක් අධ්‍යාපනයෙන් බිහිවිය යුතු බවද ඔහු එහිදී පවසා තිබේ.
ඇමතිවරයා ප්‍රකාශ කරන දේ රාජ්‍ය ප්‍රතිපත්ති තුළ දක්නට නොලැබීම ප්‍රධාන ගැටලුවක්ව තිබේ. සරසවි ශිෂ්‍ය ප්‍රජාවට රජයේ රැකියා ඉල්ලා සිටීමට සිදුව ඇත්තේ නිෂ්පාදනීය ආර්ථිකයක රැකියා උත්පාදනය කරන ආර්ථිකයක් නොපැවතීම නිසාය. රාජ්‍ය ප්‍රතිපත්ති සකස් වී ඇත්තේ කායික හා මානසික ශ්‍රමය සුදුසු පරිදි රටේ ආර්ථිකයේ වර්ධනයට යොදාගන්නා ක්‍රමවේදයකට නොව ශ්‍රම සූරාකෑම සහ මිනිස් මැදිහත්වීම වංචනික ලෙස කොල්ල කන ක්‍රමයක් ලෙස යොදාගන්නටය. අලුතින් හිතන දරුවන්ගේ ඔලුගෙඩි මොට කරන අධ්‍යාපන ක්‍රමයක් පවත්වාගෙන යන්නේද ඇමතිවරයා ද අයත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය යටතේය. සරසවි ශිෂ්‍යයන්ගේ මූලිකත්වයෙන් පවතින අධ්‍යාපන ප්‍රතිපත්තිය ප්‍රශ්න කරන, වඩා නිර්මානශීලී අධ්‍යාපනයක් සදහා ගෙන එන සංවාදය පොලිසිය යොදවා මර්දනය කරන ආණ්ඩුවක අධ්‍යාපන ප්‍රතිපත්තිය වෙනස් නොකර දෙසන්නට පමනක් ඇමතිවරු ඉන්න බව නවීන් දිසානායක ඔප්පු කර ඇත.