தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
"යුක්තිය ඉටු කරනු - අතුරුදන් කළවුන් පිළිබද හෙළිදරව් කරනු!" | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

“යුක්තිය ඉටු කරනු – අතුරුදන් කළවුන් පිළිබද හෙළිදරව් කරනු!”



‘බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූවන් පිළිබද ජාත්‍යන්තර දිනය’ ලෙස සැළකෙන්නේ අගෝස්තු 30 වැනිදාය. එදින, යුද සමයේ අතුරුදන් කළවුන් සම්බන්ධ “යුක්තිය ඉටු කරනු – අතුරුදන් කළවුන් පිළිබද හෙළිදරව් කරනු!” යන තේමාවෙන් ‘සම අයිතිය ව්‍යාපාරය’ මූලිකත්වයෙන් කොළඹ නගරයේ විරෝධතාවක් පැවැත්විණි. ඒ විරෝධතාව අවසානයේ පෙළපාලියකින් ගමන්කර අතුරුදන් කළවුන් සම්බන්ධව ආණ්ඩුව කිසිදු ඵලදායක පියවරක් නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්කාර්යාලය ඉදිරිපස දැඩි විරෝධයක් පළ කරන ලදී. එහිදී පොලිසිය මාර්ග බාධක යොදා එම විරෝධතා පෙලපාළිය අවහිර කරණ ලදී. එහිදී විරෝධතාකරුවන් එහි රැදී සිට සිදුකළ පැයක පමණ විරෝධතාව අවසානයේ ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරයකු සමග සාකච්ඡාවක් ලබා දෙන ලදී. එම සාකච්ඡාවෙන් පසුව, සම අයිතිය ව්‍යාපාරයේ කැදවුම්කරු රවින්ද්‍ර මුදලිගේ විසින් කළ අදහස් දැක්වීම මෙම වීඩියෝ පටයෙන් නරඹන්න.