දියතලාව බස් රථයක සිදුවූ පිපිරිම සජීවි අත් බෝම්බයක් පිපිරීමක් වන බව පැහැදිලි නිසා ජනතාව කලබල විය යුතු බවත්, එයින් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොවන බවද යුධ හමුදාපති මහේෂ් සෙන්නායක පවසයි.
හමුදාපතිවරයා මේ අදහස් පැවසුවේ අද( 24) වන්නි ආරක්ෂක සේනා 57 සේනාංකයේ නව කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවේදීය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.