தமிழ்
English
Contact
Saturday 18th August 2018    
ගෝඨා ජනාධිපතිවරණයට පැමිණීම ගැන අමෙරිකාව අප්‍රසාදය පළ කරයි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨා ජනාධිපතිවරණයට පැමිණීම ගැන අමෙරිකාව අප්‍රසාදය පළ කරයි !



ගෝඨාභය රාජපක්ෂ 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නට සූදානම් වන්නේද යන්න පිළිබද පිටව යන ඒක්සත් ජනපද තානාපති අතුල් කේෂප් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වූ අවස්ථාවේ විමසා අැත.

ඒක්සත් ජනපද පුරවැසියකු වන ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ පාලන සමයේ අාරක්ෂක ලේකම් ලෙස කටයුතු කරද්දී  සිදුකළ කටයුතු සහ විවිධ කරුනු සම්බන්ධයෙන් චෝදනා ලැබුවකු වන අතර ඒම චෝදනා විධිමත්ව විමර්ශනයට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වත්මන් අාණ්ඩුවද අපවාදයට ලක් ව තිබේ. 2020 ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් චීනයේ අනුග්‍රහයක් අැති බව පසුගිය දිනවල පෙළගැසීම් අනුව හෙලීදරව් වූ කාරණයකි. ඒ් නිසාම ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමක් සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කිරීමට ඒක්සත් ජනපද ානාපතිවරයා කටයුතු කිරීම ලංකාවේදී ඒක්සත් ජනපද-චීන බල ගැටුමේ ප්‍රකාශනයක්ද වේ. කෙසේවෙතත් මෙවැනි පසුබිමක, ගෝඨාභය අමෙරිකන් විරෝධියකු නිසා අමෙරිකාව මෙසේ අකැමැත්ත පළ කරන බවට පවසමින් ජාතිකවාදීන්ට /ෝඨාභය තවදුරටත් ඔසවා තැබීමට හැකිවනු අැත. සත්‍ය කරුණ නම් විපක්ෂයෙන් චීනයේ ඉත්තකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂට අනතුරු අගවා අැති බවය. ජේ.අාර්. ජයවර්ධන අමෙරිකානු ඉත්තකු ලෙස 1977 සිට කටයුතු කළ අාකාරයට මහින්ද රාජපක්ෂ සිය දුර කාලයේ චීනයේ අරමුනු වෙනුවෙන් ඉඩ දෙමින් ඒහි ප්‍රතිලාභ ලබා ගත් බව සනාථ වී තිබේ. ඉන්පසුව වත්මන් අාණ්ඩුවේ පාලන කාලය තුළ චීනයේ අාර්ථික අරමුනු පරාජය කරවන්නට ඉන්දියාව උපයෝගි කරගෙන ඒක්සත් ජනපදය විසින් ඉන්දිය සාගර කලාපයේ භූ දේශපාලනය තුළ මැදිහත්වෙමින් තිබේ.

තවදුරටත් 2020 ජනාධිපතිවරණය අබියස මෙරට දේශපාලන පොරපිටිය විදේශ බලයන්ගේ බල අරමුනුවලට හැසිරෙන ඉත්තන් විසින් උන්ස්මු කරනු අැත. ඒහෙත් ඒහි ප්‍රතිවිපාක පාලක පැලැන්තියට වඩා අවාසිදායක වන්නේ අයහපත් ජිවන තත්වයන්ගෙන් දැන් පවා බැට කන සාමාන්‍ය ලාංකි ජනතාවටමය.

japaksa on Sunday June 10th 2018