தமிழ்
English
Contact
Saturday 4th May 2019    
ජනාධිපතිගේ පොරොන්දු මත ගුරු වැඩවර්ජනය අත්හිටුවයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපතිගේ පොරොන්දු මත ගුරු වැඩවර්ජනය අත්හිටුවයි!



හෙට(26) කැදවා තිබුනු ගුරු වැඩවර්ජනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා ප්‍රතිඵලදායක වූ බවත් ඒ නිසා හෙට දින වැඩවර්ජනය අත්හිටුවන්නට තීරණය කළ බවත් ගුරු සංගම් නියෝජිතයෝ පවසති.

මින් පෙරද විවිධ ආකාරයේ වෘත්තිය ක්‍රියාමාර්ග නිසා බලධාරින්ගේ අවධානයට යොමු නොවූ වැටුප් ගැටලු සම්බන්ධයෙන් බලපෑම් කිරීමට එක්දින වැඩවර්ජනයක් කැදවන ලද අතර ඊයේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් පවසා සිටියේ පාසල් වසා දමා වර්ජනය කිරීමට ඉඩ නොතබන බවකි. කෙසේවෙතත් අද දින ජනාධිපතිවරයා විසින් ගුරු සංගම් නියෝජිතයන් හා සාකච්ඡාවක් පවත්වා ගුරු ගැටලු විසදන්නට මැදිහත්වන බව පවසා ඇත. එය විශ්වාස කරමින් හෙට දින වැඩවර්ජනය අත්හිටුවන්නට ගුරු වෘත්තිය සමිති නියෝජිතයන් එකග වී ඇත.

සාකච්ඡාවෙන් අනතුරුව එළැඹ ඇති තීරණ මෙසේ ය.

01. දැනට සැලසුම් කර ඇති පත්වීම් හා උසස්වීම් ලබාදීම වහාම ක‍්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නතර කිරීම.

02. ඉහත පත්වීම් සඳහා තෝරාගෙන ඇති පුද්ගලයන්ගේ රාජකාරී, පෞද්ගලික ලිපිගොනු විමර්ශනය කිරීමටත් ඒ අනුව දේශපාලන පලිගැනීම් සිදුවී තිබේ ද යන්න නැවත විමර්ශනය කර අපක්ෂපාතී නිර්දේශ ලබාදීමට ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ, අධ්‍යාපන පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීම සහ එම කමිටුවේ නිර්දේශ මසක් ඇතුළත ලබාගැනීම.

03. ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන ඉහත කමිටුවේ නිර්දේශ වැඩිදුරටත් අනුමැතිය ලබාගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමුකර නිර්දේශ ලබාගැනීම.

04. පත්කරන ලද කමිටුවට සිය අදහස් ඉදිරිපත් කිරීම සදහා අදාළ වෘත්තීය සමිති වලට ද අවස්ථාව ලබාදීම.

ඉහත ක‍්‍රියාමාර්ගයන්ගෙන් අනතුරුව දේශපාලන පළිගැනීම් මත පත්වීම් හා උසස්වීම් ලබාදීමේදී යම් පුද්ගලයෙකුට අසාධාරණයක් සිදුවී තිබේ නම් එය නිවැරදි කිරීමට ද එහිදී වැඩිදුරටත් තීරණය කර තිබේ.