2018 මාර්තු මාසයේ පැවැත්විමට නියමිත රුසියානු ජනාධිපතිවරණයේදී ව්ලැදිමීර් පූටින්ට එරෙහිව තරඟ වැදීම සඳහා ප්‍රතිවාදී අපේක්ෂකයෙකු ඉදිරිපත් ව සිටින බව ඒරටින් වාර්තා ෙව්.
ඇලෙක්සි නවෝනී නැමැති ඔහු මොස්කව් නුවරදී රැස්වීමක් අමතමින් රුසියානු ජනාධිපතිවරයාව දැඩි ලෙස විවේචනය කර ඇත. විදේස ජනමාධ්‍ය ඔස්ෙස් ප්‍රචාරය කරන අාකාරයට වත්මන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ව පරාජයට පත්කළ හැකි එකම අපේක්ෂකයා ලෙස ඔහු හදුන්වා දෙනු ලැබ තිබේ. වංචාදූෂණ හෙළිදරව් කළ අයකු ලෙස ජනප්‍රියව සිටි ඔහු 2014දී දූෂණ චෝදනාවකට වරදකරුවකු වී සිරගත කරන ලදී. ඒහෙත් ඒම නඩු තීන්දුව දේශපාලනික වශයෙන් පක්ෂපාත බව නවෝනි චෝදනා කරයි. රුසියානු ව්‍යවස්ථාව අනුව අපරාද චෝදනාවකට වරදකරුවකුට වූවද ජනාධිපති අපේක්ෂකත්වය ගන්නට පුලුවන.