ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය අනුග‍්‍රහයෙන් ගුවන්විදුලියේ ප‍්‍රචාරය කිරීමට නියමිත වූ ‘කණට පාරක්’ ගුවන්විදුලි නාට්‍ය පෙළක් වාරණයට ලක් කර තිබේ.
බුදු දහමට නිගා කරණ බව දක්වමින් එම ගුවන් විදුලි නාට්‍ය තහනම් කරන ලෙස ඕමල්පේ සෝභිත හිමි විසින් සිදුකළ කරුණු දැක්වීම අනුව, ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා ඊයේ ප‍්‍රකාශ කර තිබිණි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ සභාපතිත්වයෙන් යුත් ‘ජාතික සමඟිය හා සංහිදියා කාර්යාංශය’ මගින් නිෂ්පාදනය කෙරෙන මෙම නාට්‍ය මාලාව නම් කර ඇත්තේ ර්‍ණකණට පාරක්” නමිනි. මෙම නාට්‍ය මාලාවේ නම් සදහා බුදු දහමේ එන ඇතැම් යෙදුම් භාවතා කර ඇති නිසා මෙම නාට්‍ය තහනමට ලක් කළ යුතු බව ඕමල්පේ සෝභිත හිමි ඇඹිලිපිටියේදී ප‍්‍රකාශ කර තිබිණි. මේ නාට්‍ය පිළිබදව විමර්ශනයක් කර නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට අදාල අංශ දැනුවත් කර ඇති බව බුද්ධශාසන ඇමතිවරයා පවසයි.
මේ ආකාරයට ගුවන් විදුලි නාට්‍ය මාලාවක් වාරණයට යටත් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන සියල්ලන් අවධානයට ලක් කළ යුතු බව එම නාට්‍ය නිර්මාණයට දායක වන කලාකරුවන් අදහස් දක්වා ඇත. බුදු දහම සම්බන්ධ හෝ වෙනත් ආගමක් සම්බන්ධ අපහාසයක් මෙම නාට්‍ය මාලාවේ නොමැති බවද එම නාට්‍යවලට නම් යෙදීමට භාවිත වචන බුදු දහමට අවමන් සහගත යැයි පැවසීමම බුදු දහමේ පුලුල් බව සම්බන්ධ නොදැනුවත්කමක් යැයිද ඔවුහු පවසති.