Posted on 12.08.2017 by Nishshanka in දේශීය පුවත් with 0 Comments
සියළු දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව වහා නිදහස් කරන ලෙසත්, අතුරුදන්වූවන් පිළිබඳව සත්‍යය හෙලිදරව් කරන ලෙසත් බල කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද(08) දින යාපනය නගරයේ උද්ඝෝෂණයක නිරතවිය.
මර්ධනකාරී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන චෝදනා ගොනු කර ගැනීමට පවා නොහැකිව සිටින සහ විවිධ හේතූන් මත නඩු කල් දමමින් රඳවාගෙන සිටින 130කට ආසන්න දේශපාලන රැඳවියන් ප්‍රමාණයක් මේ වන විට ආණ්ඩුවේ අත්තනෝමතික හා පදනම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් විශාල කාලයක් පුරාවට රඳවා තබා ගෙන සිටීම සහ අතුරුදහන්වුවන් සම්බන්ධව සත්‍ය වහා හෙළිදරවු කරන ලෙසත් ආණ්ඩුවට බල කරමින් මෙලෙස විරෝධතාවයේ නිරත විය.
බෙදා වෙන්කර පාලනය කිරීමේ ම්ලේච්ඡ ක්‍රමවේදය උදෙසා ජාතිකවාදී ප්රවේශයන් පෝෂණය කරමින් සිය යාන්ත්‍රණයන් භාවිත කර ආණ්ඩු විසින් දේශපාලන සිරකරුවන් නිදහස් කරලීම දිගින් දිගටම මඟහරමින් කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස අතිශය අසාධාරණ ලෙස වසර ගණනාවක් පුරාවට පදනම් විරහිතව බන්ධනාගාර තුල සිය ජීවිත දියකර හරිමින් සිටින රැඳවියන් වෙනුවෙන් සමස්ත සමාජයම එක්ව සටන් කල යුතුව ඇත.
උතුරේ සිවිල් සංවිධාන නියෝජිතයන් හා වෙනත් වාම සංවිධාන සමග එක්ව පැවති මෙම විරෝධතාවයේදී රාජපක්ෂ පාලනය යටතේ සහ යුද සමයේ උතුර ඇතුළු පළාත් ගනනාවක දේශපාලන ක්‍රියාකාරින්, මාධ්‍යෙව්දින් හා සිවිල් වැසියන් පැහැරගැනීම, අතුරුදන් කිරීම සහ ඝාතනයට ලක් කිරීමට අමතරව තවමත් කිසිදු නීතිමය ක්‍රියාමාර්ග නොගෙන දේශපාලන සිරකරුවන් පිළිබද යුක්තිය ඉටුකරන ලෙස එහිදී ආණ්ඩුවට බලකර ෙපහත සටන් පාඨ ඔවුන් විසින් ඉදිරිපත් කරන ලදී.
“කරව් කරව් – නිදහස් කරව්
දේශපාලන – සිරකරුවන්
පමා නොවී – නිදහස් කරව්
කල් නොමරා – නිදහස් කරව්
පැහැර ගත්ත – අපේ දරුවන්
කොහෙද ඉන්නෙ – කියාපියව්
ඉටුකරනව – කිව් යුක්තිය
මේකද බොල – කියාපියව්
පැහැර ගත්තු – දරුවන්හට
යුක්තිය ඉටු – කරාපියව්
අතුරුදහන් – කලවුන්හට
යුක්තිය ඉටු – කරාපියව්
උතුරෙ දකුණෙ – හැම දෙනාම
මර්දනයට – ගෙනා නීති
ජනතාවට – හැමදාමත්
වින කරනා – උන්ගෙ නීති
දමව් දමව් – ඉරා දමව්
උන්ගෙ නීති – ඉරා දමව්“