Posted on 09.23.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලොහාන් රත්වත්තේ විසින් බන්ධනාගාරවල ප්රචණ්ඩ ලෙස හැසිරුණු බවට එල්ල වූ චෝදනා සම්බන්ධ විමර්ශනයට හිටපු විනිසුරුවරියක වන කුසලා සරෝජනී වීරවර්ධන පත්කර ඇත.
වැලිකඩ බන්ධනාගාරයට බලහත්කාරයෙන් පැමිණ පෝරකය නැරඹීමට පිරිසක් රැගෙන යාම මෙන්ම අනුරාධපුර බන්ධනාගාරයේ තමිල් රැඳවියන්ට ගිනි අවි පෙන්වා මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් පළ වූ පුවත්ර්තා මගින් චෝදනා නැගුණේ බන්ධනාගාර ප්රතිසංස්කරණ ඇමති ලෙස කටයුතු කර ඉල්ලා අස්වූ ලොහාන් රත්වත්තේ වෙතය.