පසුගිය මාස තුනක කාලය තුළ සන්නද්ධ කණ්ඩායම් සාමාජිකයන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් 08 දෙනෙකු මරණයට පත්ව තිබේ.
අාසන්නම සිදුවීම ලෙස ඊයේ (19) අතුරුගිරියේ සහ ආමර් වීදියේ සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගියහ. සන්නද්ධ කණ්ඩායම් සාමාජිකයන්ගේ අතර ගැටුම් පවතින බව ෙමවැනි සිදුවීම් වාර්තා කරන මාධයෙව්දින් පවසයි. ඊයේ අතුරුගිරිය – ගල්වරුසාව පාර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් ඒක් පුද්ගලයෙකු මරණයට පත්විය.
44 හැවිරිදි තලගලගේ නිමල්සිරි පෙරේරා හෙවත් පොඩි සුදූ නැමැත්තාට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පළා ගියහ. මිය ගිය පුද්ගලයා සන්නද්ධ කණ්ඩායම් සාමාජික කොස් මල්ලීගේ සමීපතමයෙකු බවට අනාවරණ විය. කෙසෙල්වත්ත – අබ්දුල් හමීඩ් වීදිය ප්‍රදේශයේ තිබී හිස කොටස හමුවූෙය් ඔහුෙග් මළසිරුරේ හිස ෙකාටසයි. ඊයේ සිදුවූ මෙම වෙඩි තැබීම් මාකඳුරේ මධූෂ්ගේ සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයන් සිටින බව අනුමාන කෙරේ.
ආමර් වීදියේ දී ඊයේ සිදුවූ වෙඩි තැබීම ද සන්නද්ධ කණ්ඩායම් සාමාජිකයන් අතර ගැටුමක ප්‍රතිඵලයක් බවයි පොලීසිය පවසයි. මත්ද්‍රව්‍ය චෝදනාවකට වසර 11ක් සිරගතව සිටි දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ඉනසමුත්තු ඇන්ටනි රාජ් නමැති 42 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ මෙම වෙඩි තැබීමෙන් මිය ගිය බව වාර්තා විය. ඔහු තම බිරිඳ සමඟ මෝටර් රථයකින් යමින් සිටියදී ඊයේ මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්වූ අතර එහිදී තුවාල ලැබූ ඔහුගේ බිරිඳ ද ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි. මීට දින කිහිපයකට පෙර සන්නද්ධ කණ්ඩායම් නායකයෙකු වන මාකඳුරේ මධුෂ් ගේ සමීපතමයෙකු වන මොහොමඩ් රිස්ඛාන් නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබිනි. ඊට පලිගැනීම් ලෙස ඝාතනය ලක්වූ කොස් මල්ලි, අරුණ දමිත් උදයංග හෙවත් සමයංගේ සමීපතම හිතවතකු ෙව්.
වසරේ ගතවූ මාස 03 තුළ කොළඹ – ග්‍රෑන්ඩ්පාස්, බත්තරමුල්ල – තලංගම, බොරැල්ල, වත්තල, ගම්පහ සහ හම්බන්තොට – මිරිජ්ජවිල යන ප්‍රදේශවල සිදුවූ ඝාතනවලින් පුද්ගලයින් 06 දෙනෙකු මරණයට පත් වූහ. විදෙස්ගතව සිටින බවට සැක කෙරෙන සන්නද්ධ කණ්ඩායම් සාමාජික මාකඳුරේ මධුෂ්ගේ සහ ඝාතනයට ලක්වූ අරුණ දමිත් උදයංග හෙවත් සමයංගේ කණ්ඩායම් සගයන් අතර සිදුවන ගැටුම්වල ප්‍රතිඵල ලෙස මෙම ඝාතන සිදුවන බවයි.