වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් එළඹෙන 20වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද(11) දින නියම කරන ලදි.
පසුගිය ජුනි මස 22වන දින සෞඛ්‍ය අමාත්‍යංශය තුල සිදු කරන ලද විරෝධතාවකදී එහි දේපල වලට අලාභ හානී සිදු කල බවට ආණ්ඩුවේ වුවමනාව මත අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ගොනු කරන ලද නඩුව අද දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කල අවස්ථාවේ මෙම රක්ෂණ දීර්ඝය සිදු කර තිබුණි.
මේ අනුව අගෝස්තු මස 18වන දින සිට දින 55ක් මේවන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර ආණ්ඩුවේ සෘජු මැදිහත් වීම මත කැඳවුම්කරුට ඇප ලබා දීම දිගින් දිගටම මඟහරිමින් කටයුතු සිදු වන බව පැහැදිලිව දක්නට ඇත. නිදහස් අධ්‍යාපන සහ සෞඛ්‍ය අයිතීන් වෙනුවෙන් හඬ නගන බලවේග මර්දනය කරමින් පෞද්ගලීකරණ ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවීම සඳහා ආණ්ඩුව අත්තනෝමතික ලෙස කටයුතු කරමින් ඇත.