වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු කැඳවුම්කරුගේ ඇප අයදුම්පත සලකා බැලීම තවදුරටත් කල් යයි

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරුගේ ඇප අයදුම්පත සලකා බැලීම තවදුරටත් කල් දැමීමට අද(09) දින කොළඹ මහාධිකරණය තීරණය කරන ලදි.

ඒ අනුව එළඹෙන 19වන දින ඇප අයදුම්පත සලකා බැලීම සිදු කිරීමට දින නියම කිරීමට කොළඹ මාහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව නියම කර ඇත.

පසුගිය ජුනි මස 22වන දින සෞඛ්‍ය අමාත්‍යංශය තුල සිදුකරන ලද විරෝධතාවයකදී එහි එහි දේපල වලට හානි සිදු කල බවට චෝදනා කරමින් අගෝස්තු මස 18වන දින රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.

මෙම පදනම් විරහිත චෝදනාවට අනුව ඔහුගේ අප අයදුම්පතක් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කල අතර එයට විවිද හේතු ඉදිරිපත් කරමින් දිගින් දිගටම ඇප ලබා දීම මඟහරිමින් කටයුතු කෙරෙන බව මෙම කල් දැමීම් හරහා පැහැදිලි වේ.

නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සුරක්ෂිත කරලීම උදෙසා ලංකේය ශිෂ්‍ය ව්‍යපාරය ප්‍රමුඛ සටන් කරන බලවේගයන් ගෙන යන සටන මර්නදය කරලීම උදෙසා ආණ්ඩුව සිය මර්ධන යාන්ත්‍රණ සියල්ල බවිත කරමින් සිටින බව පැහැදිලිව දක්නට ඇත.

 

Lahiru Umayangana :