தமிழ்
English
Contact
Friday 3rd May 2019
Toggle navigation
දේශීය පුවත්
විදෙස් පුවත්
ක්‍රීඩා පුවත්
විශේෂාංග
පොසොන් උත්සවයට අනුරාධපුරේ පාසල් අධ්‍යාපනය සතියකින් නවතයි!
Posted on 06.23.2018 by Chandana Sirimalwatte in
දේශීය පුවත්
with 0 Comments
ඒළඹෙන පොසොන් උත්සව සමයේ ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු සඳහා අනුරාධපුරයට පැමිණෙන පොලිස් නිලධාරින්ට නවාතැන් දෙන්නට ජුනි 25 වැනි දා සිට 29 වැනි දා දක්වා ප්‍රදේශයේ පාසල් 25ක් වසා දමන්නට උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තිරණය කරයි.
අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, සහිරා මුස්ලිම් මහා විද්‍යාලය, මහා බෝධිය විදුහල, මිහින්තලේ මහා විදුහල සහ තන්තිරිමලේ විමලඥාණ යන පාසල් ඒ් අනුව වසා දමනු අැත. මිට අමතරව අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විදුහල, විවේකානන්ද මහ විදුහල, නිවන්තකචේතිය මහ විදුහල, කම්මලක්කුලම විදුහල, කුරැන්දන්කුලම මහා විදුහල, මිහින්තලේ මුස්ලිම් විද්‍යාලය සහ මිහින්තලේ ආදර්ශ ප්‍රාථමික පාසල යන පාසල් පොසාන් උත්සවය පැවැත්වෙන 28 – 29 යන දෙදින වසා දැමීමටද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තිරණය කර ඇත.
අාගමික කටයුතු අවශ්‍ය වන්නේ හික්ෂනය සහ සංස්කෘතික ජිවිතයක් වෙනුවෙන් වුවද පාසල් අධ්‍යාපනය ලබා ගන්නා දරුවන්ට ඒහිදී අසාධාරණයක් නොවිය යුතුය. කිසිදු දරුවකුට පාඩුව කාලය, ඒකී අාගමික කටයුතු වලින් පියවනු ලබන්නේ නැත. ඒ් වෙනුවට නිවාඩු දුන් දිනවල අධ්‍යාපන කටයුතු සිදුකරන්නට තීන්දු කරනු අැත්තේ සති අන්තවල හෝ සාමාන්‍ය පාසල් වෙලාවෙන් පසුව පන්ති පවත්වන්නටය. ඒහිදී සාමාන්‍ය දිනවල සිදුවන පලදායකත්වයෙන් අධ්‍යාපන කටයුතු සිදුවන්නේ නැත. පාලකයන්ගේ තීරණ නිසා ජනතාව පොදුවේ පීඩාවට පත්වන අතරම පාසල් දරුවන්ද ඒහි ගොදුරු බවට පත්වීම මහත්ම ව්‍යසනයකි. ඒවිට එම පාසල්වල අධ්‍යාපනය ලබන සිසුන්ට සිදුවන අසාධාරණය පිළිබද මෙහිදී පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙන්ම අාණ්ඩුව වගකීම භාරගත යුතුය.
Please enable JavaScript to view the
comments powered by Disqus.
Related News
පෞද්ගලික පාසල් නින්ද අන්තවාදි ප්‍රහාරවලින් අවදි වේ!
April 28, 2019
0
Comments
ගුරු හිගයට විසදුම් ඉල්ලා ඇලහැර ජනතාව වීදි බසී!
March 1, 2019
0
Comments
ගුරු-විදුහල්පති ගැටලුවලට විසදුම් දෙනු – ගුරු විරෝධය ඉසුරුපායට
February 28, 2019
0
Comments
සවුත්ලන්ඩ් විද්‍යාලයට සිසුවියන් ඇතුලත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපියක්!
February 25, 2019
0
Comments
ගුරුවරුන්ට සටන් කිරීම ඇරෙන්න වෙන විකල්පයක් ඉතිරි කරලා නෑ! – සංජීව බණ්ඩාර
February 22, 2019
0
Comments