පොසොන් උත්සවයට අනුරාධපුරේ පාසල් අධ්‍යාපනය සතියකින් නවතයි!

ඒළඹෙන පොසොන් උත්සව සමයේ ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු සඳහා අනුරාධපුරයට පැමිණෙන පොලිස් නිලධාරින්ට නවාතැන් දෙන්නට ජුනි 25 වැනි දා සිට 29 වැනි දා දක්වා ප්‍රදේශයේ පාසල් 25ක් වසා දමන්නට උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තිරණය කරයි.
අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, සහිරා මුස්ලිම් මහා විද්‍යාලය, මහා බෝධිය විදුහල, මිහින්තලේ මහා විදුහල සහ තන්තිරිමලේ විමලඥාණ යන පාසල් ඒ් අනුව වසා දමනු අැත. මිට අමතරව අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විදුහල, විවේකානන්ද මහ විදුහල, නිවන්තකචේතිය මහ විදුහල, කම්මලක්කුලම විදුහල, කුරැන්දන්කුලම මහා විදුහල, මිහින්තලේ මුස්ලිම් විද්‍යාලය සහ මිහින්තලේ ආදර්ශ ප්‍රාථමික පාසල යන පාසල් පොසාන් උත්සවය පැවැත්වෙන 28 – 29 යන දෙදින වසා දැමීමටද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තිරණය කර ඇත.
අාගමික කටයුතු අවශ්‍ය වන්නේ හික්ෂනය සහ සංස්කෘතික ජිවිතයක් වෙනුවෙන් වුවද පාසල් අධ්‍යාපනය ලබා ගන්නා දරුවන්ට ඒහිදී අසාධාරණයක් නොවිය යුතුය. කිසිදු දරුවකුට පාඩුව කාලය, ඒකී අාගමික කටයුතු වලින් පියවනු ලබන්නේ නැත. ඒ් වෙනුවට නිවාඩු දුන් දිනවල අධ්‍යාපන කටයුතු සිදුකරන්නට තීන්දු කරනු අැත්තේ සති අන්තවල හෝ සාමාන්‍ය පාසල් වෙලාවෙන් පසුව පන්ති පවත්වන්නටය. ඒහිදී සාමාන්‍ය දිනවල සිදුවන පලදායකත්වයෙන් අධ්‍යාපන කටයුතු සිදුවන්නේ නැත. පාලකයන්ගේ තීරණ නිසා ජනතාව පොදුවේ පීඩාවට පත්වන අතරම පාසල් දරුවන්ද ඒහි ගොදුරු බවට පත්වීම මහත්ම ව්‍යසනයකි. ඒවිට එම පාසල්වල අධ්‍යාපනය ලබන සිසුන්ට සිදුවන අසාධාරණය පිළිබද මෙහිදී පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙන්ම අාණ්ඩුව වගකීම භාරගත යුතුය.
Chandana Sirimalwatte :