කටුනායක බලා පැමිණි ශ්‍රී ලන්කන් ගුවන්යානය අනතුරකින් මුදා ගනී!

ඊයේ (31) කොච්චි ගුවන්තොටුපළේ සිට කටුනායක බලා පැමිණි ශ්‍රීලන්කන් UL 166 ගුවන්යානය එහි කාර්ය මණ්ඩලයේ හා මගින්ගේ මැදිහත්වීමෙන් අනතුරකින් බේරී ඇත.

පෙරවරු 9.45ට කොච්චි ගුවන්තටෙුපළේ සිට පිටත්වූ මෙම ගුවන්යානයේ මගීන්ගේ රාක්කයක ගමන්මලු අතරින් දුමාරයක් නැගෙන අවධානයට ලක් කළ මගීන් ගුවන් සේවා කාර්ය මණ්ඩලයට ඒ බව දැනුම් දී ඇත. එහිදී ගිනිනිවන උපකරණ භාවිතයෙන් ගින්නක් නිවාදමන්නට ගුවන් කාර්ය මණ්ඩලය සමත් වී තිබේ. එකී ගමන්මල්ලේ තිබුණු ජංගම දුරකථන බැටරියකින් මෙම ගින්න ඇතිවී තිබේ. ගින්න නිවාදමා පරික්ෂා කළ විට ගමන්මල්ලේ ජංගම දුරකථන දෙකක් හා බැටරි හමුවී තිබේ. මෙම තොරතුරු අනුව ගුවන්යානාවල ගෙනයාමට තහනම් ‘සැම්සුන් නෝට් 7’ වර්ගයේ ස්මාට්ෆෝන් දුරකථනයක් එහි තිබී ඇතැයි සැකකෙරේ. මෙම අනතුර සම්බන්ධව ගුවන්සේවා විමර්ශනයක් සිදුවන බව ප්‍රකාශ විය.

විමසිලිමත්භාවය නිසා මගීන් මෙම අකතුර වළක්වාලන්නට කල්තබා අනතුරු ඇගවීමත් කාර්යමණ්ඩලය විසින් ගින්න නිවාදැමීමට ලිතියම් ගිනිනිවන උපකරනය ක්‍රියාත්මක කිරීමට නිසි තීන්දු ගැනීමත් නිසා සියගණනක් ජීවිත සහ Airbus A330-200 යානය භයානක අනතුරකින් ගලවාගන්නට හැකිවූ බව ගුවන් සේවා තොරතුරු අනාවරණය කරයි.

Chandana Sirimalwatte :