தமிழ்
English
Contact
Saturday 4th May 2019    
අනධ්‍යයන සේවක අයිතින් වෙනුවෙන් සරසවි සිසුහු වීදි බසිති ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අනධ්‍යයන සේවක අයිතින් වෙනුවෙන් සරසවි සිසුහු වීදි බසිති !



විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය‍ හේතුවෙන් අකර්මන්‍යව ඇති විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීමේ අරමුනින් වහාම සේවක අයිතිවාසිකම් ස්ථාපිත කරන ලෙස ඉල්ලා සරසවි ශිෂ්‍යයෝ වීදි බැස විරෝධතා ආරම්භ කරති

විශ්ව විද්‍යාල කටයුතු කඩිනම්න් යථා තත්ත්වයට පත් කරන්නැයි ඉල්ලා අද (19 ) පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ නායකත්වයෙන් පරිපාලන ගොඩනැගිල්ල අසළ විරෝධතා රැළියක් පැවැත්වූ අතර සබරගමුව විශ්වවිද්‍යාල සිසුහු  පඹහින්න මංසන්දියේ දී උද්ඝෝෂණයක් ඇරැඹූහ. අනධ්‍යයන සේවක අඛණ්ඩ වර්ජනයට  දින 20 ක්  ගතව ඇතත් අදාළ පාර්ශවයන් නිහඬව ගොළුවත රකින බව  පවසමින් සිසුහු චෝදනා කරති. අනධ්‍යයන සේවක ඉල්ලීම් වන මාසික හිලව් දීමනාව ඇතුළ එකඟතා  ගිවිසුමේ පරිදි ඔවුන්ගේ ඉල්ලීම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නැයිද  මෙම උද්ඝෝෂණයට එක්වූ සිසුහු බලකර සිටියහ.