එයාබස් ගනුදෙනුවෙන් ශ්‍රී ලන්කන් කඩාවැටීමට ආණ්ඩුව වගකිවයුතුයි – ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත්

එයාබස් ගණුදෙනුව අවසන් කිරීමට රාජපක්ෂ ආණ්ඩුව සමයේම තීරණය කළ බවත් ශ්‍රීලන්කන් සමාගම ඇද වැටුනේ  වත්මන් ආණ්ඩුව නිසි කළමනාකාරිත්වයකින් තොරව කටයුතු කළ නිසා බවත් ඇමති සුසිල් ප්‍රේමජයනත් පවසයි.

ඇමිවරයා පවසන්නේ කෝප් කමිටු නිර්දේශ මත 2014 අවසනදී එයාබස් මිලදීගැනීම අවාසිදායක බවට රාජපක්ෂ ආණ්ඩව ගත් තීරණය ක්‍රියාත්මක කරන්නට පෙර ආණ්ඩු බලය මාරු වූ නිසා එය කළ නොහැකි වූ බවයි. ඒ අනුව A340 යානා මිලදී ගැනීමේ ගනුදෙනුව වෙනස් කරමින් 20120වනවිට A350 ගුවන්යානා 4ක් බදු පදනම මත ලබාගන්නට ගනුදෙනු එකගතාවක් තිබුණු බවත් එය ක්‍රියාත්මක කිරීමට හවු් ආන්ඩුව යටතේ පත් කළ ශ්‍රීලන්කන් පාලනාධිකාරිය අසමත් වූ බවත් ප්‍රේම්ජයන්ත් ඇමතිවරයා චෝදනා කරයි. සමස්ත ගනුදෙනුව අවලංගු කිරිමට ගත් තීරණය නිසා ඩොලර් මිලියන 154ක් ගෙවීමට සිදුවන තත්වයක් තුළ මුදල් අමාත්‍යංශය මැදිහත්වී එයින් මිලියන 54ක් අඩුකිරීමේ සහනයක් ලබාගත් බවද ඔහු පෙන්වා දෙයි.

ශ්‍රිලන්කන් සමාගමේ කළමනාකාරිත්වය විසින් අවශ්‍යතාවට වඩා සේවකයන් බදවාගැනීම හා ඉහළ නිලධාරින්ට වැටුප් වැඩිකරගැනීම නිසා සමාගම පවත්වාගෙන යාමට පවා නොහැකි තත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ වගකිවයුත්තන් බව සුසිල් ප්‍රෙම්ජයනත් ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.

Chandana Sirimalwatte :