දේශපාලන හිතවතුන්ට සංග්‍රහ කරමින් සිදුකරන පත්විම් ලබාදිම්වලට විරෝධය පළ කරමින් ජූලි 4 වැනි දා ගුරුවරු සහ විදුහල්පතිවරු වැඩවර්ජනයක් සිදු කරන බව ගුරු විදුහල්පති වෘත්තී සමිති එකමුතුව කියයි.
දේශපාලන පළිගැනීම් කමිටු නිර්දේශ මත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයට හා ශ්‍රී ලංකා විදුහල්පති සේවයට පත්වීම් ලබාදීමට එරෙහිව මෙම සංකේත වැඩ වර්ජනය පිිිිළිබද එම වෘත්තීය සමිති එකමුතුව අධ්‍යාපන ලේකම්වරයාට දැනුම් දී තිබේ. වැඩ වර්ජනය හේතුවෙන් අධ්‍යාපන පද්ධතිය අකර්මන්‍ය වීමෙන් ශිෂ්‍ය ප්‍රජාවට මෙන්ම මහජනතාවට සිදුවන පීඩනයේ වගකීම රජය භාරගත යුතු බව එම වෘත්තීය සමිති සඳහන් කරයි.
මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය, සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමය, ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමය , ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය , ශ්‍රේණිධාරී විදුහල්පති සංගමය, සමස්ත ලංකා විදුහල්පති සංගමය සහ ප්‍රගති ගුරු සංගමය යන වෘත්තී සමිති එම සංකේත වැඩ වර්ජනයට එක්වීමට නියමිතය.