හේතු රහිතව තරුණයන්ට පහරදුන් පොලිස් මැරයන් තිදෙනකු වැඩතහනමට!

බීමත්ව රාජකාරියේ යෙදෙමින් තරුණයන් දෙදෙනකු හේතු විරහිතව අත්අඩංගුවට ගෙන පහරදීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් තුන් දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කරයි.
ඉංගිරිය පොලිසියේ පරික්ෂකවරයකු, සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු ඉංගිරිය පෝරුවදණ්ඩ ප‍්‍රදේශයේදී මෙම තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ(28) රාත‍්‍රියේදීය. පොලිස් ස්ථානයට ගෙන යාමෙන් පසුව තරුණයන්ට පහරදුන් බව දැනගැනීමෙන් ජනතාව විසින් පොලිසියට පැමිණ විරෝධය පළ කර ඇති අතර මේ තත්වය නිසා ඉහල පොලිස් නිලධාරින් තත්වය පාලනය කිරීමට මැදිහත්ව ඇත. පොලිසියට පැමිණි ජනතාවට තරුණයන් දෙදෙනා රොහ්ල්ගත කිරිමට ඉඩ දී ඇති අතර පසුව පහරදීමට සම්බන්ධ නිලදාරින් අත්අඩංගුවට ගෙන හොරන මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් ඔවුන් එක් දිනයක් රක්ෂිත බන්ධනාගාරයට යවා ඇත. චූදිත පොලිස් නිලධාරින් වැඩ තහනමට ලක්කරන ලෙස පොලිස්පතිවරයා නියෝග කර ඇත.

Chandana Sirimalwatte :