එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2018 – 2019 අයවැය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ මූල්‍ය දායකත්වය කැපී පෙනෙන ලෙස කපා හැරීමට සූදානම් බව ඒම සංවිධානයේ ඇමරිකානු තානාපතිනී නිකී හේලි පවසයි.
ඉදිරි මූල්‍ය වර්ෂයේදී ඒක්සත් ජාතින් වෙත ඇමරිකාවේ දායකත්වය ඩොලර් මිලියන 285කින් කපා හැරීම සඳහා ඒරට රාජ්‍ය නිලධාරින් සාකච්ඡා කළ බව ඒම සංවිධානයේ ඇමරිකානු තානාපතිනීය ජනමාධ්‍ය වෙත පවසා අැත. ඒ් සමගම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කළමනාකාරීත්ව සහ සහායක මෙහෙයුම් සඳහා ඒක්සත් ජනපදයේ දායකත්වය ද කප්පුදු කරන්නට ඒහිදී තීරණය කර තිබේ. ඒක්සත් ජනපද ජනාධිපති ෙඩානල්ඩ් ට්‍රම්ප් පත්වූ විගස ප්‍රකාශ කළේ ෙලා්කය වෙත ඒක්සත් ජනපදයේ සම්පත් දායක කරනවාට වඩා ඒම සම්පත් ඒක්සත් ජනපදය ඔසවා තැබීමට භාවිත කල යුතු බවයි. ඒහි ප්‍රතිඵලයක් ලෙස මෙවැනි පියවර ගන්නට ට්‍රම්ප් පාලනය කටයුතු කරන බව පසුගිය කාලය පුරා ක්‍රියාත්මක කළ විවිධ තීන්දු අනුව හෙළි වේ.